ඒ අනුව කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයෙන් කොළඹ දෙසට පැමිණෙන රථවාහන සඳහා එක් මන්තීරුවක් පමණක් විවෘතව පවතියි.
කඩවත සිට කොළඹ දෙසට පැමිණෙන බර වාහන සහ ලොරි රථ සහ කන්ටේනර් රථ / කඩවත අන්තර් හුවමාරුව භාවිත කරමින් කෙරවළපිටිය දක්වා පැමිණිය යුතු වනවා. එතැන් සිට කොළඹ කටුනායක අධිවේගී මාර්ගයෙන් පෑලියගොඩින් දකුණට දමා පුත්තලම මාර්ගය ඔස්සේ නවලෝක වටරවුමෙන්ද දකුණට
අධිවේගී මාර්ගය භාවිත කළ නොහැකි අනෙකුත් සියලුම වාහන මහර / කිරිබත්ගොඩ ප්‍රදේශවලින් පැමිණ වත්තලින් කොළඹ පුත්තලම මාර්ගයට ප්‍රවේශවී ජපන් මිත්‍රත්ව පාලම භාවිත කර කොළඹට පිවිසිය හැකියි. කිරිබත්ගොඩ ප්‍රදේශය පසුකර පැමිණෙන වාහන වෙදමුල්ල වටරවුමෙන් දකුණට හැරී කොළඹ කටුනායක අධිවේගී මාර්ග ප්‍රවේශය හරහා පුත්තලම කොළඹ මාර්ගය ඔස්සේ කොළඹට පැමිණිය හැකි බව කැළණි පාලමේ ව්‍යාපෘති කාර්යාලය දැනුම් දෙයි.
දැනට පවතින කැළණි පාලම භාවිත කර කොළඹ ඔරුගොඩවත්ත හරහා බේස්ලයින් පාර ඔස්සේ බොරැල්ල දෙසට පැමිණෙන බස්රථ හා සැහැල්ලු වාහන නුවර පාරේ වෙදමුල්ල වටරවුමෙන් දකුණට හැරී කොළඹ කටුනායක මාර්ගයේ පෑලියගොඩ ප්‍රදේශයෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ නව කැළණි පාලම භාවිත කරමින් බේස්ලයින් මාර්ගය ඔස්සේ දෙමටගොඩ හා බොරැල්ල ප්‍රදේශවලට ඇතුල්විය හැකියි.