කොට්ටාව, කඩවත අධිවේගි මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි රුසියන් ජාතිකයකු පෙරේදා (16)
රාත්‍රී 10.30ට පමණ
කොට්ටාව පිවිසුමේදී අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග පොලීසිය කියයි. සැකකරු මීගමුව ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවත් කඩවත අධිවේගී මාර්ග පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වී ඇති බවත් පොලිසිය පවසයි.

පොලීසිය සැකකරු පිටුපස ලුහුබැඳ කොට්ටාව පිටවීමේ දොරටුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම පොලීසියට භාරදී ඇති අතර හෝමාගම පොලීසිය විසින් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය පිළිබඳ වැඩිදුරට පරික්‍ෂණ හෝමාගම පොලිසිය මගින් සිදුකෙරේ.