පසුගියදා පැවැසීය. එම සුරක්ෂිතතාව ඉදිරියටත් පවත්වාගෙන යාමට රටට ජාතියට ආදරය කරන සියලු දෙනාටම ඇත්තේ අත්හළ නොහැකි වගකීමක් යැයිද ඔහු කීය. රටට ජාතියට සෙත් ප්රාර්ථනා කරමින් ඉකුත් දා දෙනියාය දියදාව සම්බුද්ධත්ව ජයන්ති විහාරස්ථානයේ පැවැති විශේෂ බෝධිපූජා පින්කමකට සහභාගිවෙමින් පසුව
අද අපට නැවැත ජීවත්වීමට සුදුසු පරිසරයක් ඇතිවී තියෙනවා. ඒ තත්ත්ව ය උදාවුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වී මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවීම නිසයි. ජනතාව ඒ පෙරළිය සිදුකළේ කිසිම කලබලයකින් නෙවෙයි. බෞද්ධ සංස්කෘතියෙන් අපිට හිමිවූ හැදියාව ඒකයි. යහපාලනය නිසා අවුරුදු පහක් රටත් ජාතියත් අන්ත අසරණ තැනට වැටුණා. නැවත ත්රස්තවාදය ඇති වන තැනට වැඩ කළා. ඒ නිසා අපිට අහිංසක ජීවිත ගණනාවක් අහිමි වුණා.
වගකිව යුත්තන් තවමත් ඒ ගැන කතා කරන්නේ නැහැ. ඔවුන් බුදු දහමට හානිවන දේවල් බොහෝමයක් කළා. භික්ෂුන් වහන්සේලා හිරේ දැම්මා. සිංහල බෞද්ධ පදනම ගැන කතා කරපු කොළඹ අගරදගුරු හිමියන්ට අපහාස කළා. රටට ජාතියට ආගමට ආදරය කළ විශාල පිරිසකට නිකරුනෙන් හිංසා කළා. මේ රටේ සිංහල බෞද්ධ පදනමට පහර ගහල කිසිම කෙනෙක්ට ජය ගන්න බැහැ. ඒ පදනමට පහර ගහපු නිසා යහපාලන ආණ්ඩුවට ගෙදර යන්න වුණා.
එහෙත් ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහත්වරුන් බලයේ ඉන්න නිසා දැන් බියක් ඇතිකරගත යුතු නැහැ. යහපත් සමාජයක් බිහිකරන්න නම් යහපත් මිනිස්සු ඕනෑ. ආගම දහම මූලික කරගනිමින් ඒ සඳහා හැඩගැහෙන්න ඕන. අන්තවාදයටජාතිවාදියට තිබෙන ඉඩකඩ අපි අවුරා දැමිය යුතුයි. සිංහල, දමිළ, මුස්ලිම් සියලුම දෙනා මිනිස්කම පදනම් කර ගනිමින් ජීවත් වෙනවානම් ඒ සමාජයේ සහජීවනය ඉස්මතුවෙනවා යැයිද ඔහු සඳහන් කළේය.