https://www.gossiplankanews.com/2019/12/lakshan-death-rathnapura.html
හිමි නමක පැදවූ කැබ් රියක හැපීම නිසා දහනව හැවිරිදි තරුණයකු මරණයට පත්ව තවත් අයෙකුට තුවාල සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් පසුගියදා රත්නපුරින් වාර්තා විය. පොතුපිටිය මිළිඳුතලාව පන්ස‍‍ලේ උරූමිවල කුසල නැමති හිමි නම කරවිට ඡයන්තිපුර හන්දිය අසලදී 13 වැනිදා පස්වරුවේ මෙම අනතුර සිදු කර තිබුණි.
කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන ධාවනය වීම නිසා
මාර්ගය අසල සිටි තරුණයන්

දෙදෙනකු අනතුරට ලක්වී ඇතැයි පොලිසිය දන්වා තිබේ. සිද්ධිය අවස්ථාවේ එච්.ආර්. ධනුෂ ලක්ෂාන් නමැති 19 හැවිරිදි තරුණයා එතැනම මියගියේය.
කලවාන වැද්දාගල පදිංචිව සිටි මියගිය ලක්ෂාන් මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනි සිට ප්‍රතිඵල අපේක්‍ෂවන් සිටි තරුණයෙකි.

ඔහු පසුගියදා රැල්ලක් බවට පත් බිත්ති සිතුවම් ඇදිමටද දායකවූ තරුණයෙකි. සිද්ධියෙන් තුවාල ලද ඔහුගේ මිතුරා මේ වනවිටත් රත්නපුර මහරෝහලේ ප්‍රතිකාර ලබයි.
රත්නපුර හදිසි මරණ, පරික්ෂක ටී.එම්. හරින්ද ලක්මිණ නෙත්නකෝන් මහතා පෙරේදා (14) හදිසි මරණ පරික්‍ෂණය පැවැත් වූ අතර එහිදී ඉදිරිපත් වූ සාක්ෂි මත සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

කෙසේ වෙතත් හිමි නම අත්අඩංගුවට පත්වීමේ පමාවක් පොලිසිය වෙතින් වාර්තාවූ අතර ජීවිතක්ෂයට පත් වූ දරුවාට යුක්තියක් ඉටුවන තෙක් ප්‍රදේශවාසීන් නිවිතිගල පොලිසිය අසල එක්රොක් වී සිටි බව වාර්තා විය. කෙසේ වෙතත් පසුව අත්අඩංගුවට ගැනීම සිදු විය.

සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම රථය පැදවූ බව කියන උරූමිවල කුසල නැමති හිමිනම හෙට (17) වනතුරු රිමාන්ඩ් බාරයේ තැබිමට රත්නපුර වැඩ බලන මහේස්ත්‍රාත් විජය තෙන්නකෝන් මහතා පෙරේදා (14) නියෝග කළේය. නිවිතිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මියගිය ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද (16) සිදු කිරීමට නියමිතය.