යාපා අබේවර්ධන මහතා පෙරේදා (22) පැවසීය. මාතර පඹුරණ රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලයේ පැවැත්වූ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ඒ බව කීය.
කුඩා ට්‍රක් රථවල පිටුපස කොටස ආවරණය කරන්නේ නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අමතර රුපියල් 500ක් ගෙවා බලපත්‍රයක්
විශේෂයෙන්ම උත්සව සමයේ ජනතාව අපහසුතාවට පත් කළ නොහැකි නිසාත් අදාළ නීතිය පිළිබඳව බාහෝරදතකු නොදන්නා නිසාත් ඒ පිළිබඳව දැනුවත් කිරිමෙන් පසු යළි නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව ද අබේවර්ධන මහතා කීය.කුඩා ලොරි රථවල පිටුපස කොටස ආවරණය කිරීම සඳහා බලපත්‍රය ලබා ගැනීමට පෙර රජය රුපියල් 25000ක් නියම කර තිබූ බව ද 2009 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එය රුපියල් 500ක් දක්වා අඩු කළ බව ද ඔහු කිවේය.අදාළ තීරණය පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයා මගින් දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා එම වැරැදි සම්බන්ධයෙන් අදාළ රථවාහන රියැදුරන් අපහසුතාවට පත් නොකරන ලෙස සියලුම පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
-ක්‍රිෂාන් ජීවක ජයරුක්-