හිටපු හමුදාපති මහේෂ් සේනානායක සහ පවුලේ අය පදිංචිය සඳහා ඩුබායි බලා
පිටව ගොස්‌ ඇතැයි වාර්තාවේ.
ඔහුට ඩුබායිහි ඇමරිකානු සමාගමක කලින් කළ රැකියාව ආපසු ලැබී ඇති බව ඩුබායි ආරංචි උපුටා දක්වමින් අද දින ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.
පාස්කු ප්‍රහාර සමයේ ශ්‍රී ලංකාවේ හමුදාපති ධූරය දැරූ  මහේෂ් පසුගිය ජනපතිවරණයේ ජාතික ජනතා පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ  අතර ඔහු 4 වැනියා බවට පත්වූයේ ඡන්ද 49,655 ක් පමණක් ලබමිනි. එහි ප්‍රතිශත අගය මුළු ඡන්ද ප්‍රකාශිත අගයෙන් 0.37% කි.