හමුවී තිබේ.එම ලිපි ගොනුවල ඇති කරුණුවල සත්‍යතාවය සම්බන්ධයෙන් සැකයක් නැතැයිද ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු හතර හමාරක් අරලියගහ මන්දිරයේ සිටියේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ
එහි සෑම අමාත්‍යවරයකු සම්බන්ධයෙන්ම ලිපි ගොනු තිබී ඇතැයි ද වාර්තා වේ. උදාහරණයකට ටෙන්ඩර් ගිවිසුම් සම්බන්ධයෙන් නම් ඊට අදාළ දේශීය පාර්ශව, ඔවුන්ගේ ලිපින, දුරකතන අංක ආදිය එම ලිපි ගොනුවල තිබී ඇතැයි ද කියැවෙයි. එමෙන්ම ටෙන්ඩර්වල මිල ගණන් පිළිබඳ තොරතුරු ද එහි තිබී ඇත. මෙම ලිපි ගොනු සකස් කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යැයි ද දැනගන්නට ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජප්පක්ෂ මහතා කරන්නේ කුමක්දැයි පිළිබඳව ද මේ වනවිට ප්‍රශ්නයක් ඇති වී තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ ලිපි ගොනු සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර අදාළ පියර ගැනීමට පෙර ඒවායේ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීමට කටයුතු කරනු ඇතැයි තවත් ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබිණ.