ලෝකයේ විශාලතම නිවුන් එකමුතුව සාදමින් 2020 ජනවාරි මාසයේ දී ලෝක ගිනස් වාර්තාවක් තැබීමට සැරසෙන ශ්රී ලංකා නිවුන් සංවිධානය ඔවුන් පවත්වන්නට යන සම්මේලනයේ
ආරාධනා පත්රය පිළිගැන්වීමට ඊයේ අගමැති
මහින්ද රාජපක්ෂ හමුවී තිබේ.
ශ්රී ලංකා ටුවින්ස් (Sri Lanka Twins) ලෙස නම් කර ඇති ශ්රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ සහ සභාපතිනිය වන උපුලී ගමගේ මහත්මිය විසින් නිවුන් සම්මේලනයේ ආරාධනා පත්රය ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත අරලියගහ මන්දිරයේ දී ඊයේ (26) පිළිගන්වනු ලැබුවාය.
සුගතදාස ගෘහස්ත ක්රීඩාංගනයේ දී 2020 ජනවාරි මාසයේ පැවැත්වෙන මෙම නිවුන් සම්මේලනයේ දී නිවුන් සහෝදර සහෝදරියන් 28,000 ක් පමණ සමාජිකත්වයේ ශක්තිය පෙන්වා මෙම වාර්තාව පිහිටුවීමට නියමිතය.