උදාවී ඇතැයි පොළොන්නරුව නාගරිකයෝ පෙන්වා දෙති.
මේ නිසා තැන තැන අඩක් ඉදිකිරීම් කළ ගොඩනැගිලි, බාගෙට නිම කළ මහා මාර්ග, තහඩු ආවරණය කළ වැඩබිම් ආදියෙන් නගරය අවිධිමත් හා අපිළිවෙළ ස්ථානයක් බවට පත්ව ඇතැයි ද ඔවුහු කියති. අදාළ කොන්ත්‍රාත් සමාගම් හා ඉදිකිරීම් ආයතන විසින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතීන් අතරමග නවතා දැමීමෙන් ඒවායෙහි සේවය කළ සේවකයන් හා ඉදිකිරීම් ද්‍රව්‍ය හා භාණ්ඩ සැපයූ පුද්ගලයින් හා ආයතන ද බරපතල පීඩාවට පත්ව සිටින බව ද ඔවුහු පවසති.
මේ පිළිබඳව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක එස්.පී.අබේවර්ධනගෙන් ‘අරුණ’ කළ විමසුමකදී පැවසුවේ “පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියේ සංවර්ධන වැඩ කරගෙන යනවා. නමුත් ඉදිකිරීම් සමාගම් හා ආයතනවලට රුපියල් මිලියන 2300ක් පමණ ගෙවීමට තිබෙනවා. මේ මුදල් ගෙවීමට විදිහක් නෑ. දැනට මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ පිළිබඳව වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් ලිඛිතව දැනුම් දී තිබෙනවා. එතුමා සමග සාකච්ඡාවකුත් පැවැත්වුවා. එතුමා පොරොන්දු වුණා පොළොන්නරුවේ මේ කරගෙන ගිය සංවර්ධන වැඩවලට අදාළ ප්‍රතිපාදන ලබා දෙන්න. දැනට සමහර සංවර්ධන ව්‍යාපෘති නැවතිලා තියෙනවා. සමහර ඒවා ටික ටික වැඩ කරගෙන යන බවය.
ප්‍රියන්ත බණ්ඩාර- පොළොන්නරුව