ලේක් හවුස්  ජායාරූප මාධ්‍යවේදි ගයාන් පුෂ්පකුමාර මහතාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක බෙවන් පෙරේරා මහතාගේ පුත් මංජුල පෙරේරා මහතා අද (19)
කෙසෙල්වත්ත පොලීසිය මගින්
අත්අඩංගුවට ගෙන ඇත.

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී  මෙම පහරදීමේ සිද්ධිය වූ බවට ජායාරූප මාධ්‍යවේදී ගයාන් මහතා කෙසෙල්වත්ත පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මීට ඉහත ස්විස් තරුණිය සම්බන්ධ සිද්ධියේදී ස්විස් තරුණියගේ මාධ්‍ය හමුවක් බාන්ස් පෙදෙසේ පවත්වන බවට මාධ්‍ය නොමග යවන ලද ලිපින ලබාදුන්නේද මොහුය. මොහු එලෙස මාධ්‍ය වෙත පැමිණ කතා කළ නිසා ඔහුගේ වාහන අංකයක් පිළිබද වැඩිදුර සෙවිමෙන්  එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක බෙවන් පෙරේරාගේ නමද මෙම සිද්ධිවලට සම්බන්ධ බවට තොරතුරු ලැබුණි.