කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ (30) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ. පුද්ගල තොරතුරු එක් රැස් කිරීම එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතට පත් කිරිම මගින් කාලය, ශ්‍රමය සහ විශාල මුදල් නාස්තිය අවම කරගැනීමට හැකිවනු ඇති බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී නිලධාරින්ට පවසා ඇත.
එකම තොරතුරු ආයතන කිහිපයකින් එක් රෑස් කිරීම දැනට භාවිත වන ක්‍රමය බවත් එය එකම පද්ධතියක් යටතට ගැනීමෙන් ප්‍රමාදය වළක්වා කාර්යක්ෂම සේවයක් ජනතාවට ලබාදීමට හැකිවන බවත් ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ. එමගින් සාවද්‍ය සහ වංචනික තොරතුරු සංසරණය වීම වළක්වාගත හැකි බව ද ඔහු කීවේය.අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්‍ය ආයතනවල අන්තර් සබදතාව රට සංවර්ධනය කිරීමේදී ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ ආයතන ජාලගත කරමින් සම්බන්ධ කිරීමෙන් ඉහළ වලදායිතාවක් ළගා කරගත හැකි බව ද පැවැසීය.
වර්තමානයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඇතැම් ව්‍යාපෘති ඵලදායිතාව සඳහා සෘජුව වගකියන අමාත්‍යාංශ හෝ ආයතන හෝ වෙත පැවැරීම කෙරෙහි ද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කළේය. පාසල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පැවරීමේ වැදගත්කම ඊට උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දුන්නේය. තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ යහ නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන් ද අමාත්‍යාංශ ලේකම්වරුන් වන චූලානන්ද පෙරේරා, මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර යන මහත්වරු ද ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.