සුගියදා කොළඹ ගාලු මුවදොර ආසන්නයේ විවෘතවූ ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සාප්පු සංකීර්ණය වන් ගෝල් ෆේස් මේ වනවිට බොහෝ පිරිසකගේ අවධානයට ලක්වූ ස්ථානයක් බවට පත්ව තිබේ.
 ෂැංග්‍රි-ලා හෝටලය හා අනුබද්ධව ඉදිකර තිබෙන
මෙම සාප්පු සංකීර්ණයේ විශාලත්වය වර්ග අඩි 480,000 කි. මහල් 7කින් යුතු මෙහි සෑම මහලකම වෙළඳසැල් 30 පමණ තිබේ.
සම්පූර්ණ ලෙස අලෙවිකරුවන් 200කට අධික පිරිසකට ඉඩ සලසා ඇති අතර ආහාරපාන, විනෝදාස්වාද සේවා, ළමා ක්‍රීඩා උද්‍යාන,  රූපලාවන්‍ය සේවා, පොත් සාප්පු, තාක්ෂණික සේවා , සුපිරි ජාලා වෙළෙදහල් ඇතුළු කුදු මහත් සෑම අංගයකම විවිධත්වයකින් යුතුය.
ලංකාවේ මේ වනවිට ප්‍රකටව තිබෙන බොහෝ ප්‍රධාන සන්නාමයන් මෙන්ම විදේශ වෙළෙදපොළ තුළ නම දිනූ සන්නාමයන් රැසක්ද මෙහි සාප්පු පිහිටුවා තිබේ.


ඉන්දියාවේ විශාලතම සිනමා විනෝදාස්වාද සමාගමක් වන පීවීආර් සිනමාස්, ශ්‍රී ලංකාවේ පළමු සිනමා ශාලාවද එහි විවෘත කර ඇත.One Galle Face mall යනු ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර වෙළඳ සංකීර්ණයයි.
ෂැන්ග්‍රි-ලා සමූහය විසින් මෙහෙයවනු ලබන, One Galle Face සුවිශේෂී ආයතන හතරකින් සමන්විත වේ: One Galle Face mall, One Galle Face පිහිටි නිවාස, කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය සහ One Galle Face tower යනු ඒවායි.
මෙම සාප්පු සාංකීර්ණයට වාහන වලින් පැමිණෙන අයට ගොඩනැගිල්ල පසුපස වෙනම ගොඩනැගිල්ලක  අති නවීන වාහන ගාලක් සූදානම් කර ඇති අතර උදේ 10 සිට රෑ 10 වනතුරු මෙම සාප්පු සංකීර්ණය විවෘතය.
මේ සමග පළවන්නේ එහි ඇතුළත හදුන්වාදෙන  වීඩියෝවකි.