මුහම්මද්තුමන්ට අපහාස කළ බවට චෝදනා ලැබූ පාකිස්තාන කථිකාචාර්යවරයාට මරණ දඩුවම් පැමිණවීමට එරට ත්‍රස්ත විරෝධී අධිකරණය පසුගියදා තීරණය කර තිබේ. ජුනායිද් හෆීස් නම් 33 හැවිරිදි වියේ පසුවන
මෙම කථිකාචාර්යවරයා
2013 වසරේදී සිය සමාජ මාධ්‍ය ගිණුමක් හරහා මුහම්මද්තුමන්ට සිදුකළ අපහාසයක් සම්බන්ධයෙන් ම‍ෙල‍ෙස චෝදනා ලැබ සිටියේය. පාකිස්තානයේ බලාත්මක මෙම දේව අපහාස නීතිය යටතේ ඔහුට මරණ දඩුවම නියම වී ඇත.
මේ අතර, ඔහු වෙනුවෙන් ඉදිරිපත් වු නීතිඥවරයෙකුද දැනටමත් නාඳුනන පුද්ගලයන්ගේ වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත. මේ කාරණා සියල්ල පසුපස පාකිස්තානයේ දැඩි මතධාරීන් මුස්ලිම් අන්තවාදීන් සිටින බවට චෝදනා එල්ල වී තිබේ. මහාචාර්යවරයාට එරෙහිව ලබා දී ඇති තීන්දුව සාධාරණ නොවන බවට ඔහුගේ නීතිඥයන් කරුණු දක්වා තිබේ. ඒ අනුව ඉදිරියේදී ඊට එරහිව අභියාචනාවක්ද ඉදිරිපත් කිරීමට ඔවුන් සුදානමින් සිටියි.