පස්සර නගරයේ බණ්ඩාරනායක මාවතේ නිවසක් මතට අද(20) උදේ ගල් බැම්මක් කඩාවැටීමේන් නිවසකට අලාභ හානි සිදුව ඇත.
විනාශයට  පත්වු නිවසේ සිටි පිය පුතු දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කල බව පොලීසිය කියයි.

අනතුරින් මොහොමට් තුවාන් යුසුප්(42) සහ මොහොමට් රුක්මාන් නැමැති පිය පුතු දෙදෙනා තුවාල ලබා

පස්සර රෝහලට ඇතුලත් කිරිමෙන් පසු බරපතල තුවාල ලබා සිටි පියා බදුල්ල මහ රෝහලට මාරු කර
යවා තිබෙන බව පොලිසිය කියයි.
ප්‍රදේශයට නොකඩවා පවතින අධික වර්ෂාවත් සමග 20 දින උදේ 6.45ට පමණ නිවස පිටුපස තිබු
අඩි පනහක් පමණ උසති ගල් බැම්ම නිවස මතට කඩා වැටෙන අවස්ථාවේදි නිවසියන් පස්දෙනෙකු සිටි බවත් ඉන්  පිය පුතු දෙදෙනා තුවාල ලබා තිබෙන බවත් වාර්තාවිය.
නිවසේ සිටි නිවසියන් තිදෙනෙකු අනු නවයෙන් දිවි බේරාගෙන තිබෙන බව පැවසෙන අතර නිවසට
දැඩි හානි සිදුව තිබේ.
පස්සර පොලිසිය පරික්ෂණ පවත්වති.

ලුණුගල ප්‍රසන්න පත්මසිරි