රෝහල්වල පවතින ක්ෂණික අවශ්‍යතාවයන් පිළිබද රෝහල් අධ්‍යක්ෂවරුන් සමග සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ
(24දා) පැවැති මෙම සාකච්ඡාවේදී රෝහල්වල පවතින ක්ෂණික අවශ්‍යතාවයන් පිළිබඳව අවධානය යොමුකළේය.

 මෙහිදී රෝහල්වල රෝගී සත්කාරක සේවාවන් පවත්වාගෙන යාමට අදාලව ක්ෂණික අවශ්‍යතාවයන් වන මුල්‍ය තත්ත්වයන්, ඖෂධ, මානව හා භෞතික සම්පත් කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පවත්වන ලද අතර, රෝහල්වල පවතින ක්ෂණිකව නිරාකරණය කර ගත යුතු ගැටළු පිළිබද රෝහල් අධ්‍යක්ෂවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයි ඇතුලු නිලධාරීන් දැනුවත් කිරිමට පියවර ගන්නා ලදි.