https://www.gossiplankanews.com/2019/12/photos-madhuri-dixit-enjoys-breathtaking-view-as-she-vacations-in-sri-lanka.html#more
සිය විවාහ දිවියේ 20 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් සුපිරි බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් ශ්‍රී ලංකාවේ හා සිෂෙල්හි සංචාරයක නිරතවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරනවා. සංචාරයට අදාළ ඡායාරූප කිහිපයක්ද ඇගේ පුද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් වල පළ කර තිබෙනවා.
පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව සංචාරක කටයුතු යම් මට්ටමක
පසුබෑමකට ලක්වී තිබෙන පසුබිමක

පුද්ගලික කාරණාවක් මුල් කරගෙන වුවත් සිදුකරන මධුරිගේ මෙම සංචාරය ලංකාවට වැදගත් විය හැකිය. එයට ලැබෙන ලෝක අවධානය එක් අතකින් ලංකාවේ දැන් බියජනක පරිසරයක් නැතිය යන්න තහවුරු කිරීමටත් රුකුලකි.

52 හැවිරිදි මධුරි ඩික්සිත්ගේ සැමියා 53 හැවිරිදි ශ්‍රීරාම් නෙනේය. ඔහු හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකි. 1999 වසරේ විවාහවූ පසු ඔවුන් ඇමරිකාවේ පදිංචියට ගිය අතර මධුරි- නෙනේ යුවළට පිරිමි දරුවන් දෙදෙනෙකි. 1984 සිට මේ දක්වාම හින්දි සිනමාවේ නිළියක ලෙස රැදි සිටින මධුරි විශේෂයෙන්ම නර්තනයේ දස්කම් දක්වන්නියක ලෙස කැපී පෙනේ.
ඇයගේ 20 වන විවාහ සැමරුම වෙනුවෙන් දරුවන් රහිතව මෙම චාරිකාවට මුලින්ම ඉන්දියන් සාගරයේ පහළ කුඩා දූපත් රාජ්‍යයක් වන සීසෙල්ෂ් වෙත  එක්වූ මධූරි නෙනේ යුවළ ඉන් පසු පිවිසියේ ශ්‍රී ලකාවටයි.

ශ්‍රී ලංකාවේ ඇය සැරිසරන්නේ කිනම් ස්ථාන වලද යන්න නිශ්චිත වශයෙන් ඇය දන්වා නැති වුවත් ඇය මේ දිනවල උඩරට තේවතු ආශ්‍රීත පරිසරයේ සිරිය විදිමින් කාලය ගත කරන බව හුවමාරුකර තිබෙන ඡායාරූප වලින් වාර්තාවේ. "Nature is the best therapy! #MyHappinessMantra." මධුරි ලංකාවේ සිට ට්විටර් මගින් දන්වා තිබුණි. "Nothing like flying into paradise with the ones you love! Any guesses?" මධුරිගේ සැමියා දක්වා තිබූ සටහනයි.