එක්සත් රාජධානියේ මහ මැතිවරණය ආසන්නයේදී එරට වෙස්ට්මිනිස්ටර් අධිකරණයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක  ප්‍රනාන්දු මහතාට පවුම් 2400 ක දඩයක් නියම කරමින් දුන් නඩු තීන්දුව දේශපාලනික පෙළඹවීඹක් මත සිදු කරන ලද්දක් යැයි විදේශ සබඳතා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ
කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට 1961 රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ 31 වැනි වගන්තියට අනුව රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය හිමිවන බව ද එම නිවේදනයේ දැක්වේ.පෞද්ගලික වශයෙන් නඩු පැවැරිම, බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික විනිවිමුක්තිය තහවුරු කිරිමට අපොහොසත් වීම, එක්සන් රාජධානියේ මහ මැතිවරණය ආසන්නයේ ඇති මොහොතක දී මෙම තීන්දුව ලබාදීම, නඩු විභාගය අතරතුර දී එල්.ටි.ටි.ඊ. ධජ රැගත් පැමිණිලි පංතියේ ආධාරකරුවන්ගේ  නොහික්මුණු හා බියගත්වනසුළු හැසිරිම පෞද්ගලික වශයෙන් නඩු පැවැරිම මඟින් විත්තිකරු විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද වරප්‍රසාදිත තොරතුරු පොදු මාධ්‍ය වෙත කාන්දු වීම යන කරුණු තුළින් මෙය දේශපාලනික පෙළඹවීමික් මිස දෙන ලද තීන්දුවක් බව මනාව පැහැදිලි වන බව ද එහි සඳහන් වේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මේසේ ද දැක්වේ. "මජුරන් සත්‍යානන්දන් විසින් බ්‍රිගේඩියර් ආඩිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දුට එරෙහිව පවරන ලද නන්ඩුව 2019 නොවැම්බර් 19 වැනි වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණමයේ දී අවසන් කරන ලද අතර, ඒ පිළිබඳ තීන්දුව 2019 දෙසැම්බර් 6 වැනි දින වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ලබා දෙන ලදී. ප්‍රධාන මහෙස්සත්‍රාවරිය විසින් එක්සත් රාජධානියේ මහජන සාදය පිළිබද පනතේ 4 අ වගන්තිය යටතේ තීන්දුව ලබා දී, පහළ මට්ටමේ සංකල්පීය මුල දඬුවමක් නියම කළ නමුත්, වරෙන්තුවක් නිකුත් කිරිම සුදුසු යැයි නොසලකන ලදී. විත්තිකරු රාජ්‍ය තාන්ත්‍රික විනිවිමුක්තියෙන් ආරක්ෂාව ලබන බවට මිට ඉහත දී තීන්දු කළ විනිසුරුවරිය එම තීන්දුව පිළිබදව නැවත සලකා බැලිමක් ද නොකළාය. නඩුව පිළිබඳ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ තර්කය ද ඇය විසින් ප්‍රතිත්ෂේප කොට තිබේ.


ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස, මෙය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට 1961 රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ 31 වැනි වගන්තියට අනුව බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතාට රාජ්‍ය තාන්ත්‍රික විනිවිමුක්තිය හිමිවන බව ශ්‍රී ලංකා රජය දිගින් දිගටම කියා සිටී. 2019 ජනවාරියේ දි වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රථම වරට සිතාසි නිකුත් කළ වෙළේ දී, එවකට ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා විදේශ ලේකම්වරයා විසින් කැඳවනු ලැබු අතර,
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහාතාගේ රාජ්‍යතාන්ත්‍රික විනිවිමුක්තිය නොසලකමින් චෝදනාවට ලක්වූ සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අධිකරණ මඟින් ගනු ලබන නීතිමය ක්‍රියා මාර්ග පිළිබඳව විරෝධය පළ කරන ලදී. එම අධිකරණය විසින් ජාත්‍යන්තර නීතිය වරදවා වටහා ගැනීම සහ විනිමුක්තිය ඉල්ලා ශ්‍රී ලංකා රජයෙන් යවන ලද රාජ්‍ය තාන්ත්‍රික සටහන් අන්තර්ගතය එම අධිකරණයේ පරිපාලනය මඟින් මහේස්ත්‍රාත්වරයාගේ අධ්‍යනයට යොමු කිරිමට අතපසු වීම සම්බන්ධයෙන් සිදුවී ඇති අඩුපාඩු නිවැරදි කිරිම සඳහා වෙස්මිනිස්ටර් මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගය ඇතුළු ක්‍රියාවලිය සමාලෝචනය කිරිම සහතික කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයිය කාර්යාලය වෙත ඉල්ලීමක් කරන ලදි.

මේ පිළිබඳව විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය සමඟ තවදුරටත් කටයුතු කිරිමට ලන්ඩනයේ ශ්‍රී ලංකා ගම්පහ කොමසරිස්වරියට ද උපදෙස් දෙන ලදී. මෙම අනෝන්‍ය බැඳීමට ගරු කරන ලෙස එක්සත් රාජධානියේ රජයෙන් ද ඉල්ලා සිටින ලදී. මෙහිදී සිතාසි පටිපාටිය නිසි අයුරින් සිදු නොකරන ලද බවත්, එය නැවත නඩු විභාගයකට තුඩු දුන් බවත් නඩු විභාගයේදී අධිකරණය විසින් පිළිගන්නා ලදී. පවතින සාක්ෂිවලට අනුව, බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත් වු පෙළපාලිකරුවන් මෙන්ම, අධිකරණයේ නඩු විභාගයේ දී වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතා දැක්වූ පුද්ගලයන්ද එක්සත් රාජධානියේ තහනම් සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයේ ධජ  භාවිත කර තිබේ.

මෙම සිදුවිම්වල අනුපිළිවෙල, එනම්, පුද්ගලික වශයෙන් නඩු පැවරිම්, බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතාගේ රජ්‍යතාන්ත්‍රික විනිවිමුක්තිය තහවුරු කිරිමට අපොහොසත්වීම, එක්සත් රාජධානියේ මැතිවරණය ආසන්න වී ඇති මොහොතක දී තීන්දුව ලබා දීම, අධිකරණයේ නඩු විභාගය අතරතුර දී එල්ටීටීඊ යද රැගෙන පැමිණ සිටි පැමිණිල්ලේ ආධාරකරුවන්ගේ නොහික්මුණු හා බියගන්වන සුළු හැසිරිම්, පුද්ගලික වශයෙන් නඩු පැවරිම මඟින් විත්තිකරු අධිකරණය වෙත ඉදිරිපත් කළ වරප්‍රසාදිත තොරතුරු පොදු මාධ්‍ය වෙත පිටවිම යන කරුණු තුළින් මෙය දේශපාලනික වශයෙන් පෙළඹවීමෙන් සිදු කරන ලද ක්‍රියාවක් බවට මනා ලෙස පැහැදිලි වෙයි"