රිමාන්ඩ් බාරයට පත් කර සිටින, අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඔහුගේ පුත්‍රයාගේ විවාහ උත්සවයට සහභාගි විම සඳහා අවසර දෙන ලෙස කරන ලද ඉල්ලීම ලබාදීමට මහාධිකරණයට
අධිකරණ බලයක් නැති බවත්, ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසොරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමු කිරිමට පියවර ගන්නා බවත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයින්ට ඊයේ (17) දැනුම් දු න්නේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ ඇප අයැදුම්පත කොළඹ මහාධිකරණ
විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවේ ඊයේ (17) කැඳවිණි.

එහිදී පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ
කියා සිටියේ තම ස්වාදායකයාගේ පුත්‍රයාගේ විවාහ උත්සවය ලබන ජනවාරි 02 වැනිදා පෙරවරු 6.30 ට කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව ඇති බවත්, ඊට් අනුබද්ධ උත්සවයක් එදිනම සවස 7 ට මීගමුවේදී පැවැත්වීමට නියමිත තිබෙන බවය.

එම උත්සවයට සහභාගි වීම සඳහා තම සේස්වාදායකයාට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් පේනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන මෙන්ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණයට දන්වා සිටියේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විවෘත අධිකරණයේදී කියා සිටියේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවය.

යම් හෙයකින් සිරකරුවකු හෝ ඊමාන්ඩ් බාරයේ සිටින සැකකාර පුද්ගලයකු සම්බන්ධයෙන් කරන ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලියම් හැකියාව් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා යටතේ පතින බව සඳහන් කළ විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ එම ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව පුජිත් ජයසුන්දර මහතා යොමු කළ ඇප පෙත්සෙම ජනවාරි මස 09 විනදා කැඳවීමට නියම කළ මහාධිකරණය විනිසුරුවරයා එදිනට විරෝධතා තිබේ නම් ඉදිරිපත් කරන්නැයි  වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම රීමාන්ඩ් භාරයේ පසුවන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හතා විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සම ද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ ඊයේ (17) කැඳවනු ලැබුවේය.

එහිදී විනිසුරුවරයා නීතිපතිවරයාට නියම කළේ එම නඩුවේ අදාළ විරෝධතා තිබේනම් ඒවා ජනවාරි මස 09 වැනිදා ඉදිරිපත් කිරීමට පියර ගන්නා ලෙසයි.

පාස්කු ඉරිදා බෝළම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් මෙම ඇප ඇයැදුම් දෙක ගොනු කර තිබිණි.

මෙම ඇප පෙත්සම්වල වගඋත්තරකරුන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්‍ෂවරයාට, එහි වානිජ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හේමසිරි  ප්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණයට ඉදිරිපත් කළ මුල් අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් ඔවුන් ඇප මත මුදා හරිනු ලැබූහ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ නියෝගයට එරෙහි නීතීපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් සළකා බැලු කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා මහෙස්ත්‍රාත්වරියගේ නියෝගය ප්‍රතිශෝධනය කරමින් සැකකරුවන් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

ඒ අනුව රිමාන්ඩ් බාරයට පත් කර සිටින සැකකරුවන් දෙදෙනාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් සැකකරුවන් විසින් වෙන වෙනම මෙම ඇප අයැදුම් පත් දෙකක් ඉදිරිපත් කරනු ලැබීය.

රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා