රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රදර්ශනාත්මක අයිස් හෝකී තරගයකට පසුගියදා සහභාගී වුයේය.
රුසියාවේ මොස්කව්හිදී රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා එරට ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මහතා සමග මෙම ප්‍රදර්ශනාත්මක අයිස් හොකී තරගයට සහභාගීව ඇත.



සාම්ප්‍රදායිකව සෑම වර්ෂයකදීම නත්තල් දිනයේදී පැවැත්වෙන මෙම තරගය නැරඹීම සඳහා විශාල පිරිසක් රැස්ව සිට ඇත.

රුසියාවේ පැවැත්වෙන දේශීය රාත්‍රී අයිස් හෝකි තරගාවලියේ තවත් එක් තරගයක් ලෙස මෙය පැවැත්විණි.

රුසියාව තුළ අයිස් හොකී ක්‍රීඩාව ප්‍රචලිත කිරීම සඳහා 2011 වසරේදී ව්ලැද්මීර් පුටින් විසින් මෙම දේශීය රාත්‍රී අයිස් හෝකි තරගාවලිය හඳුන්වා දුන් බව සඳහන් වනවා.

රුසියානු දේශපාලනඥයින් හා රුසියානු හොකි ක්‍රීඩකයින් රැසක් මෙම තරගයට සහභාගී විය.