සිංහලයේ අපි ජාතික සංවිධානය ප්‍රකාශ කරනවා. ඊයේ (27) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් මේ බව ප්‍රකාශ කළා.
එහිදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චන්දරතන හිමියන් මෙසේද ප්‍රකාශ කළා.
“රාජිත සේනාරත්න මහත්තයා නත්තල් පප්පා වගේ සන්ග්ලාස් දෙකක් දාගෙන තොප්පියක් දාගෙන හොරෙන්ම ඇවිල්ලා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් වෙලා තියෙනවා.
ඇතුලත් වෙන්න කලින් එතුමා කොහෙද හිටියෙ කියලා හොයලා බලන කොට අපිට දැනගන්න ලැබුන තොරතතුරු වලට අනුවනම් එතුමා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ආරක්ෂාව සහිතව ටොරින්ටන් ප්‍රදේශයේ එතුමියගේ නිවසේ ගත කළාය කියන කාරනාව තමයි දැන් සමාජයේ කතිකාවකට ලක්වෙන්නෙ.
ආණ්ඩුවටත් අපි අනතුරු අඟවනවා. ආණ්ඩුවට මේක දේශපාලන දඩයමක් විදියට චෝදනාවක් විඳින්න සිද්ධවෙලා තියෙන්නෙ රාජිත සේනාරත්න මහත්තයලට, චම්පික රණවක මහත්තයලට තියෙන විශාල ප්‍රමාණයේ වංචා දූෂණ පිළිබඳ චෝදනා පැත්තකට දාලා මේ සිල්ලර කාසිවල ප්‍රශ්න දෙක තුනක් අරගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන නිසා තමයි මේක දේශපාලන දඩයමක් විදියට සළකන්නේ.