https://www.gossiplankanews.com/2019/12/rajitha-dramA.html
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න  ඇප මත මුදාහැරීමට ඊයේ අධිකරණය තීරණය කළ නමුත් මෙම විභාගය අතරතුරදී රාජිත මන්ත්‍රීවරයා රෝහල්ගතවී නාටකයක් රගපෑ ආකාරය ගැන අධිකරණයේදී උපහාසාත්මකව සාකච්ඡාවට ලක්වුණා.

නීතිපතිවරයා වෙනුවෙන්  පෙනී සිටි නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු  දක්වමින් මෙසේ  කීය. "මෙහි තෙවැනි  සැකකරු වන නම්බුකර හැළඹගේ රාජිත  සේනාරත්න යන අය ඉකුත් 27 වැනිදා  අත්අඩංගුවට ගනු ලැබුවේ
අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුව අනුවයි. ඉකුත් 24 වැනිදා අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවට පසු පැය 48ක් වන තුරුම සැකකරු ගැන තොරතුරක් තිබුණේ නැහැ. බිරිඳයි දරුවයි කිව්වා අපි එයා ඉන්න තැන දන්නේ නැහැ කියලා.
මේ වගේ මෙම සැකකරු අව් කණ්ණාඩි දාලා තොප්පි දාලා රෝහලට ඇතුළත් වෙලා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළේ. රෝහලට ඇතුළු කර ගත්තේ උමා ශංකර් කියන වෛද්‍යවරයායි. සැකකර නීත්‍යනුකූලව අත්අඩංගුවට ගැනීම සඳහා එම රෝහලේ වෛද්‍යවරුන් අවසර දුන්නේ නැහැ. පසුව එම රෝහලේ වෛද්‍ය මොහොමඩ් මුබාරක් මහතා ඉකුත් 27 වැනිදා දහවල් 2ට පමණ තමයි කිවේ සැකකරු අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා.
සැකකරු අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ලංකා හොස්පිටිල්

ආයතනයේ වෛද්‍යවරුන් කුමන්ත්‍රණයක නිරත වෙලා. නිරෝගී පුද්ගලයකුට අසාධ්‍යයි කියලා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කළා. රෝගියා සම්බන්ධයෙන් විධිමත් වෛද්‍ය වාර්තාවක් නැහැ.

රාජිත සේනාරත්න වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා මෙසේ කීය.

එක් අවස්ථාවක අපටත් නොදන්වා සැකකරුට වරෙන්තුවක් ගත්තා. සැකකරු වෙනුවෙන් මං එදිනම කතානායකවරයාට දුරකතන ඇමතුමක් ලබා දුන්නා. එහිදි කතානායකතුමා මට කිව්වා වැඩ බලන පොලිස්පතිවරයා කිව්වා කියලා 30 වැනිදා වෙනකල් මේ සැකකරු අත්අඩංගුවට ගන්නේ නැහැ කියලා. මං වගකීමේන් ඒක කියන්නේ . 26 වැනිදාත් මෝසමක් දැම්මා. ඒත් කොළඹින් පිට ඉඳලා ආපු නිසා හදිසියේ සැකකරු රෝගී වුණා.මුබාරක් කියන වෛද්‍යවරයා තමයි 2016 ඉඳලා සැකකරුට ප්‍රතිකාර කරන්නේ. ලංකා හොස්පිටල් කියන්නේ රජයේ රෝහලක්.
 ඊයේ බන්ධනාගාර නිලධාරින් ගිහින් කලබලයක් ඇති කරලා මෙම සැකකරු බන්ධනාගාර රෝහලට ගෙනියන්න හදලා. මුබාරක් කියන වෛද්‍යවරයාගෙන් අවසරයක් නැතිවයි මේ විදිහට අරගෙන යන්න හදලා තියෙන්නේ.මේ නඩුවෙන් මැතිවරණ පනත උල්ලංඝනය වුණා නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න ඕනෑ ඊට සම්බන්ධ අපේක්ෂකයන්ට.

මේ සිද්ධියෙන් තමන්ට ඡන්ද 20,000කට වඩා වැඩි වුණා කියලා දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා තියෙනවා. එහෙනම් මේ ගැන පැමිණිලි කරන්න ඕනෑ සජිත් ප්‍රේමදාස මහත්තයා. මේ වැරැදි සියල්ලම ඇප දිය හැකි වැරැදි. මගේ සේවාදායකයා (එන්ජියෝග්‍රෑම්) භාවිත කිරීම සඳහා නවලෝක රෝහල වෙත ගෙන යන්න  අවශ්‍යයි. මගේ සේවාදායකයාට  එච්.ආර්.අයි. ස්කෑන් එකක්  කරන්න අවශ්‍ය වුවත් එය කරන්න විදිහක් නැහැ. මගේ සේවාදායකයා බෝම්බ ප්‍රහාර දෙකකට ගොදුරු වී තිබෙනවා. එහිදී ඔහුගේ ඇඟේ යකඩ බෝල තිබෙන නිසා මේ පරීක්ෂණයට යොමු වෙන්න බැහැ.
ඒ වගේම මගේ සේවාදායකයාට වකුගඩු ප්‍රශ්නයකුත් තියෙනවා. මේක පදනමක් නැති පරික්ෂණයක්. ඒ නිසා මගේ සේවාදායකයාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා.

අධිකරණය- මෙම සැකකරු පෞද්ගලික රෝහලේ සිට බන්ධනාගාර රෝහලට හෝ කොළඹ ජාතික රෝහලට මාරු කර නොයැවීම අවිධිමත් භාචයක් නොවන බවට නිරික්ෂණය වෙයි. ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත ප්‍රකාර චෝදනා ගොනු කිරීමේ දී ඊට අදාළ තැනැත්තන් විසින්ම පැමිණිලි කිරීමේ අවශ්‍යතාවක් නැත. අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව ඕනෑම අයකුව පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකියි. තුන්වැනි සැකකරුට එල්ල කර ඇති චෝදනා වන්නේ ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත් 169, 190 සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 80 (I) (ඇ) වගන්තිය ප්‍රකාරව වැරැදි බවට චෝදනා තුනක්.