හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන්නැයි ඉල්ලා ඔහුගේ නීතිඥයින් විසින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙයි.

ඉකුත්
ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 24 දා වරෙන්තුවක් නිකුත් කළා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කළද මේවන තෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ ඔහු සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.