අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ නාරහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර රෝහල වෙත අද (29) මාරුකරන්නට යන බවට අද උදෑසන සිට මාධ්‍ය තුළ විවිධ පුවත් මැවුණ
නමුත් සවස වාර්තාවූයේ එවැන්නක් සිදු නොවූ බවයි.
බන්ධනාගාර ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය ඊයේ (28) හිටපු අමාත්‍යවරයා හමුවීමට ගොස් පරීක්ෂා කළ බවත් රාජිත සේනාරත්න මහතා තවදුරටත් පුද්ගලික රෝහලක රදවාගැනීමට අවශ්‍ය නැති බව දන්වා එම රෝහලෙන් බන්ධනාගාර රෝහලට රැගෙනයාමට නිර්දේශ කළ බවත් උදෑසන වාර්තා පළ විය.
ඔහුගේ රෝහල් බිල්පත ගෙවා ඇති බවද එක් මාධ්‍යයක් වාර්තා කර තිබුණි.
මාධ්‍යවේදීන් රැසක් ලංකා හොස්පිට්ල්හි රැඳී සිටිමින් වරින්වර මේ ගැන බ්‍රේකින් නිවුස් පවා ගෙන එන ලද අතර සවස වාර්තා කර තිබුනේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන්, ඔහු බන්ධනාගාර රෝහල වෙත මාරු කිරීම අත්හිටුවා ඇති බවයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මන්ත්‍රීවරයා බන්ධනාගාර රෝහල වෙත රැගෙන ඒම සඳහා පිටත්ව ගිය විශේෂ නිලධාරී කණ්ඩායම යළි කැඳ වූ බවයි.
නාරාහේන්පිට ලංකා රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බැවින් දැඩි සත්කාර ඒකකයට අතුලත් කර ඇති බවයි.
නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහලට හිටපු ඇමතිවරයා බන්ධනාගාර රෝහලට ගෙන ඒම සදහා ගිය ගිලන් රථය හා කණ්ඩායම ආපසු කැදවා ඇති බවද ඒ අනුව වාර්තා විය.