සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත්
කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ

ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද ප්‍රතික්ෂේප කළා.

ඊට අදාල ඇප අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද සලකා බැලුණු අතර
එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ ඇප අයදුම්පත පිළිගැනීම සඳහා නීතිමය පදනමක් නොමැති බවයි.

එමෙන්ම, පෙත්සම්කරු ඉල්ලා සිටි පරිදි වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීම ද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අපේක්ෂිත ඇප අයදුම සලකා බැලුණු අවස්ථාවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ද අධිකරණයේ පෙනී
සිටි බව වාර්තාකරුවන් ප්‍රකාශ කළා.