11 pm
රෝහල්ගතව සිටින පාර්රාලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද රාත්‍රී හොස්පිටල් රෝහලේ ඔහු නැවතී සිටින කාමරයේදී කටයුතු කරන ලද බවත් වාර්තා විය.
කෙසේ වෙතත් ඔහු පොලිස් ආරක්ෂාව යටතේ දිගටම රෝහලේ රැදී සිටිනු ඇතැයි වාර්තාවේ.
10 pm
රෝහල්ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහු රැඳී සිටින නාරාහේන්පිට ලංකා හොස්පිටල් පුද්ගලික රෝහල වෙත ගමන් කළ බව වාර්තා විය.
8.40 pm
වරෙන්බතු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පසුගිය දින කිහිපයේම කළ සෝදිසි කිරීම් වලින් අනතුරුව අද සන්ධ්‍යා කාලයේ ලැබුණ ආරංචියකට අනුව නාරාහේන්පිට පිහිටි ලංකා හොස්පිටල්ස් පුද්ගලික රෝහලේ රැඳී සිටින බව සොයාගෙන තිබේ.
වාර්තා වන ආකාරයට හිටපු ඇමතිවරයා එහි හෘද රෝග ශල්‍යාගාරයේ
සැත්කමක් සදහා සූදානම් කර ඇතුළත් කර ඇති බව වාර්තාවේ.
රෝහල් ආරංචි සදහන් කර ඇත්තේ හිටපු ඇමතිවරයාගේ සෞඛ්‍ය තත්වය මත ඉන් මුදවා හැරීම අසීරු බවයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්
පිරිසක් අද සවස් කාලයේත් කොළඹ 7 ජාවත්තේ පිහිටි ඔහුගේ නිවසට ගියත් නිවසේ අය පවා ඔහු කොහිදැයි නොදන්නා බව දන්වා තිබුණි.
නිලධාරීන් නිවසට පැමිණි විට රාජිත සේනාරත්න මහතා නිවසෙහි නැති බවත් ඔහු තමන්ද සොයමින් සිටි බවත් ඔහුගේ නීතිඥයෙක් පැමිණ ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් නිවසේ කිසිවෙකුට නොදන්වා ඔහු මේ සියල්ල මැද සැත්කමක් සඳහා ගිය ආකාරය තරමක ප්රහේළිකාවක් වන අතර ඔහු මින් පෙර සැත්කම් අවශ්‍ය අවස්ථා වල ඒ සඳහා යොමු වූයේ සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලටය.
මින් ඉහත දේශපාලකයින් කිහිප දෙනෙකු හා දේශපාලනයට සම්බන්ධ ස්වාමීන් වහන්සේලාද අත්අඩංගුවට ගන්නා සූදානම් කාලයේ ලෙඩ රෝග වලට තදින් ගොදුරු වූ අවස්ථා වාර්තා වී තිබුණි.
කෙසේ වෙතත් රෝහලේ ප්‍රකාශය මත දැන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සිටින තැන පොලිසිය මගින් නිශ්චය කරගෙන අවසන්ය.