මේ වනවිට ශ්‍රී ලංකාවේ ලොකුම ප්‍රශ්නය වී ඇත්තේ දකුණේ ජනතාවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම හා උතුරේ ජනතාවට ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට නොමැති. වීමත් හැර රටට| වෙනත් කිසිදු
ඔහු මේ බව පැවසුවේ, පෙර්දා (29)දා යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරේෂ් ප්‍රෙමචන්ද්‍රන් මහතා,
"රටේ ජනතාවගේ රුපියල් කෝටි ගණනක් මුදල් වියදම් කරමින් රටට ජනාධිපතිවරයෙක් පත් කරගනෙ ලද්දේ මෙවැනි විහිළු කතා ඇසීමටවත් දැකීමටවත් නොවන බව සියලු දෙනා පිළිගත යුතුයි. උදාහරණයක් වශයෙන් ශ්‍රී ලංකාව ගැන කිසිවක් නොදන්න විදේශිකයෙකු ලංකාවේ පළවන ප්‍රවෘත්ති නැරඹුවහොත් ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානම ප්‍රශ්න දෙක වී ඇත්තේ රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමත්, දෙමළ ජනතාවට ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට අවස්ථාවක් නොමැති වීමත් යන කාරණා දෙක පිළිබඳව පමණයි.
නමුත් රටේ ජනතාවට විසඳාගත යුතු ප්‍රශ්න දහසකුත් දී ඇති බවටත් අඩුම වශයෙන් ජනාධිපතිවරයා හෝ එය තේරුම්ගත යුතු අතර සිංහල ජනතාවට විසඳගත යුතු ප්‍රශ්න මෙන්ම දෙමළ ජනතාවටද විසඳාගත යුතු ප්‍රශ්න රාශියක් තිබෙනා බැවින් එම ප්‍රශ්න විසඳීමට නොහැකි වුවහොත් පසුගිය රජයෙන් නිෂ්ඵල අවුරුදු පහක් ගෙව්වා සේ වත්මන් රජයටද එවැනි ඉරණමක් අත්විඳීමට සිදුවනු ඇතැයි" පවසා සිටීයේය.
වවුනියාව - මධුෂංඛ අමරසිංහ