එළඹෙන මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟතාව පළ කර ඇතැයි වාර්තා වනවා.

අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස රට වටා යාමට සිදුවන නිසා අපහසුවකින් තොරව ජය ගත හැකි දිස්ත‍්‍රික්කයකින් තරග කිරීමට සජිත් ප්‍රේමදාසට අවස්ථාව ලබාදීම වරදක් නොවන බව රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් තමන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන්නේ නම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරප්පාඩුවන අපේක්‍ෂක ධුරයට තමන් නම් කරන අයෙකු තරග කළ යුතු බව හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ අදහස වී තිබේ.