මැතිවරණයේදී රත්නපුර සන්ධාන ලැයිස්තුවේ 07 වැනියට මනාප ඡන්ද ලබාගත් සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වරුණ ලියනගේ සහ ඔහුට පිටුපසින් සිටින සනී රෝහණ කොඩිතුවක්කු යන මහත්වරුන් මෙම මන්ත්‍රී ධුරය ලබාගැනීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම අර්බුදය හටගෙන තිබේ,
2015 මහ මැතිවරණයේදී
කොඩිතුවක්කු මහතා මනාප ඡන්ද 43, 153ක් ලාබාගනිමින් 08 වැනි ස්ථානය ලබාගෙන තිබිණි.
වරුණ ලියනගේ මහතා පසුගිය දින 52 ආණ්ඩුව සමයේදී එක්සත් ජාතික පෙරමුණට සහාය දැක්වූ අතර, පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීය. වරුණ ලියනගේ මහතා එ.ජා.ප.යට සහාය දැක්වූ බැවින් ඔහුට මන්ත්‍රී ධුරය ලබා නොදී තමාට එය ලබාදෙන ලෙස සනී රෝහණ කොඩිතුවක්කු මහතා සන්ධාන නායකයන්ගෙන් ඉල්ලා තිබේ. ඒහෙත් වරුණ ලියනගේ මහතා සදහන් කරනුයේ, තමන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මනාප ලැයිස්තුවේ රජිත් ද සොයිසා මහතාට පිටුපසින් සිටින අපේක්ෂකයා වන බැවින් එම මන්ත්‍රී ධුරය තමන්ට හිමිවිය යුතු බවයි. මේ අතර, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා
මහතාගේ අභාවය හේතුවෙන් දෙසැම්බර් 04 වැනිදා සිට 08 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බව පාර්ලිම්න්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දන්වා තිබේ. 1981 අංක 01 දරන පාර්ලිමේන්තු පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදුකරන බව පාර්ලිමේත්තු මහලේකම් වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත දැනුමිදී ඇත. පාර්ලිමිත්තු පනතට අනුව මැතිවරණ කොමිෂන් සභාව විසින් රත්නපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින අපේක්ෂකයා පිළිබඳ තොරතුරු ලබාගෙන ඒම නම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.