මාර්ග සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන් චමින්ද අතුලුවගේ මහතා පත් කොට තිබේ.

අතුලුවගේ මහතා
වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරියෙකු ද වන ඒ මහතා 2004 වසරේ සිට 2014 දක්වා ප්‍රධාන පෙළේ ආයතන රැසක තනතුරු හොබවා තිබේ. ඒ අතර මඟ නැගුම මාර්ග සංවර්ධන සහ යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපති ලෙසද සී/ස කොමර්ෂල් පොහොර සමාගමේ සහ  සී/ස තමන්කඩුව පොහොර සමාගමේ සභාපතිවරයා ලෙසද ජාතික ලොතරැයි මණ්ඩල සභාපතිවරයා ලෙසද සිය සේවය සපයා තිබේ. අතුලුවගේ මහතා ඊයේ (23) දින මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති වරයා ලෙස වැඩ බාරගන්නා ලදී.