සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 98ක් ලෙස නියම කිරීමටත්, තිරිඟු පිටි ආනයන  බද්ද අඩු කිරිමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිටි තිබේ. මහ කන්නයේ මිල දි ගත් වී තොගවලින් දැනට වී අලෙවි
මණ්ඩලයේ ගබඩාවල ඉතිරීව ඇති වී මෙට්‍රික් ටොන් 42,000ක් සහල් කර ලංකා ස.තො.ස අලෙවිහල් හරහා අලෙවි කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (12) පැවසීය.කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (12) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි. දැනට ඒකාධිකාරයක් ලෙස පවතින තිරිගු පිටි ආනයන කටයුතු විවෘත වෙළෙඳපොළක් තුළ තරගකාරිත්වයක් යටතේ සිදුකර පිටි මිල අඩු මට්ටමක පවත්වා ගැනීමටත් රජය තීරණය කර ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කීවේය.

මේ වනවිට සහල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව මුහුණ දී ඇති ගැටලු සැලකිල්ලට මෙම පියවරයන් ගෙන ඇතැයි කී ඇමතිවරයා ඒ අනුව ඉදිරී මසක පමණ කාලය තුළ සහල් මිල අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන්නේ යැයි ද පැවසීය.
මීට අමතරව, ජීවන වියදමට අදාළ කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ද ජීවීන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත්කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවිකට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට අග්‍රාමාත්‍ය සහ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාප්පක්ෂ, මහවැලි, කෘෂිකර්ම, වාරීමාර්ග සහ ග්‍රාමීය  සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, ආහාර  සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය චමල් රාජපක්ෂ, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන් පත්කිරීමට යෝජනා කර තිබේ.

එම අනුකාරක සභාවට සහයදීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් හය දෙනෙකුගෙන් සහ නිලධාරින් 12 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද පත්කිරීමට නියමිතය. සහල් සඳහා දැනට ගැසට් කර ඇති අවම සිල්ලර මිල වන රුපියල් 86කට වඩා වැඩි මිලක් නියම කිරීමට තීරණය කළේ ඇයි දැයි  මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් රමේෂ් පතිරණ මහතා පැවසුවේ එය උත්සන් සමය වෙනුන් ගත් තාවකාලික තීරණයක් බවයි.