දිල්හානි වීරබාහු රන් පදක්කම දිනා ගත් අතර අයෝමි සෙනෙවිරත්න රන් පදක්කම දිනා ගත්තේ කිලෝග්‍රෑම් 72 බර පන්තියෙන්. කිලෝග්‍රෑම් 62 බර පන්තියෙන් ප්‍රියංගා කුමාරි රිදී පදක්කම දිනා ගනිද්දී උදාර ප්‍රනාන්දු කිලෝග්‍රෑම් 61 බර පන්තියෙන් මල්ලව පොර ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නා.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති කාන්තා ක්‍රිකට් ඉසව්වේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන් රන් පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 02 ක තියුණු ජයක් වාර්තා කරමින්.
මේ අතර 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා. මෙවර සාග් ක්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ තරඟාවලියට පිරිමි හා කාන්තා කේවල, යුගල හා කණ්ඩායම් යන අංශ වලින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 29 ක්. ඔවුන් රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 07 ක් සහ ලෝකඩ පදක්කම් 16 ක් සමග සමස්ත පදක්කම් 27 ක් දිනා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් ක්‍රීඩා ඉසව්වක් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙකු සහභාගි වී පදක්කම් 27 ක් දිනාගත් ප්‍රථම අවස්ථාව ද මෙයයි.
ශ්‍රී ලංකාව මේ වනවිට රන් පදක්කම් 31 ක් සමග පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ පසු වනවා.