පාස්කු ඉරු දින ප්‍රහාරය සමබන්ධයෙන් අත්අඩංගුවට ගෙන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටි සහරාන් කල්ලියේ සාමාජිකයකු බවට සැක කෙරෙන තරුණයකු හදිසියේ අසනීපවීමෙන් මියගොස් ඇතැයි කාත්තන්කුඩි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් අත්තේ
කාත්තන්කුඩි නූර් මුහමුද් පටුමයේ පදිංචිකරුවකු වූ ජෙයිනු ලබ්දීන් මුහම්මද් ජෙසීල් (18) නමැත්තෙකි.

කොළඹින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකාර තරුණයා කාත්තන්කුඩිය ප්‍රදේශයේදී ඉකුත් 7 වැනිදා අත්අඩංගුවට ගනු ලැබ තිබිණැයි කියති.

අනතුරුව සැකකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවනු ලැබ සිට ඇති අතර එහිදී හදිසියේ අසනීපවීමෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියදී ඉකුත් 10 වැනිදෑ මෙසේ මියගොස් ඇතැයි බන්ධනාගාර ආරච්චි මාර්ගවලින් පැවැසේ.

මේ සම්බන්ධයෙන් අප කාත්තන්කුඩි පොලිසියේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ බන්ධනාගාරයෙන් කරුණු දැනුම් දීමක් අනුව මරණය පිළිබඳව ඒ තරුණයාගේ මවුපියන්ට දැනුම් දුන් බවයි.

(සුජිත් හේවාජූලිගේ - ජයන්ත සමරකෝන් සහ මඩකළපුව ජවුෆර් ඛාන්)