ගෙන යන ඇතැමෙක්ද එම ගමේ ජීවත්වෙති.
මේ එලෙස මුහුණ දෙමින් කටුවපිටිය ගමේ ජීවත්වන 19 වියැති මවුපියන් අහිමිවුණු තරුණ ෂහේන් කෙවින්ගේ
කතාවයි.
“දවසක් ත්‍රීවීලරය ඉබේටම ස්ටාට් වුණා. තව දවසක් එම ත්‍රීවීලරයේ
ලයිට් ඉබේටම පත්තු වුණා”යැයි
ෂහේන් කෙවින් ඔහු මුහුණදී සිටින ප්‍රශ්නය විස්තර කරමින් පැවැසීය.
ෂහේන් කෙවින් කටුවපිටිය, නුගවැල පාරේ පදිංචිව සිටියේ අම්මා, තාත්තා හා ආච්චි සමඟය. ඔහු පමණක්
මෙලොව තනිකර දමා මේ තිදෙනා බෝම්බයට හසුවී මියගියහ. ෂහේන් කෙවින් මෙලොව තනිවන විට ඔහුගේ
මවුපියන් නිවෙසේ අයිතිය පවරා තිබුණේ නැත. ඔවුන්ට එලෙස පැවැරීමේ අදහසක් නොතිබුණේ තම පුතු මේ
වනවිට 19 වැනි වියේ පසුවන නිසා විය යුතුය. එහෙත් මේ වනවිට එම නිවෙසේ අයිතිය ඔහුට නීත්‍යනුකූලව
අයිති වේ.
කරකියා ගැනීමට නොහැකි වී ඇතැයි පවසයි.
ඇතැම් විට ඔහුගේ සීයා ඔප්පුව ගෙන ගොස් සුරක්ෂිතව තබා ගෙන ඇත්තේ ඔහු තවමත් අධ්‍යාපනය ලබන
නිසා විය හැකි බව සිතීමට පුළුවන දැන් පවතින තත්ත්වය අනුව ඔහුගේ නිගමනය වී ඇත්තේ විදේශ
ගතවීමටය. එහෙත් විදේශ ගතවීමට පෙර තමා සන්තකයේ ඔප්පුව නැති නිසා නිවෙස කුලියට දීමට
හැකියාවක් නැති බවට ඔහු කම්පා වෙයි.
තවදුරටත් ඔහු මේ සම්බන්ධව කරුණු දක්වමින් අමුතුම කතාවක් කියාපාන්නට විය.
“අම්මයි තාත්තයි ආච්චියි නැති වුණාට පසුව මට ගෙදර තනිව සිටීමට බැරි නිසා ගේ කුලියට දීලා මම
ඥාතියකුගේ ගෙදරකට ගියා. ඒ අය දින දෙක තුනක් සිට මේ ගේ හොල්මන් තියෙනවා කියලා ගෙදරින්
ගියා. තව කට්ටියකට දුන්නා. ඒ අයත් හොල්මන් තියෙනවා කියලා ගෙදරින් ගියා. මට විතරයි මේ ගෙදර
ඉන්න පුළුවන්.
ත්‍රීවීලරය තාත්තාගේ. මේ අවස්ථාවේ ත්‍රීවීලරය නිවෙස ඉදිරිපිට තිබුණේ. සවස 6න් පස්සේ ත්‍රීවීලරය
හොල්ලන්නවත් බැහැ මටත්. එක එක ශබ්ද ඇසෙනවා”
දවසක් ත්‍රීවීලරය ඉබේටම ස්ටාට් වුණා. තව දවසකදී ඉබේටම ලයිට් පත්තු වුණා. මේ වගේ දේවල් නිසා
මේ ගෙදර කාටවත් දෙන්න විදිහක් නැහැ. මම රට යන්න කටයුතු කරලා තියෙන්නේ. රට යන්න වෙන්නෙ
ගේ වහලා දාලා තමයි” යනුවෙන් ඔහු පැවැසීය.
මේ සම්බන්ධ දේවස්ථානයේ පියතුමන්ලා දැනුවත් කළේ නැද්දැයි ඇසූ විට ඔහු පැවැසුවේ පියතුමන්ලා
පැමිණ යාඥා කරලා ආසිරි ගන්වලා ගිය බවය. මෙම ෂහේන් කෙවින්ගේ කතාවෙන් පැහැදිලි වන්නේ මෙම
බෝම්බ ප්‍රහාරය නිසා සිදුව ඇති තවත් ඛේදනීය කතාවකි.
මීගමුව - නිමන්ති ප්‍රනාන්දු