උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතාට හෙට (27) දිනයේ ත්‍රස්ත විමර්ශන
කොට්ඨාශයේ පෙනීසිටින ලෙස
දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

සිවාජිලිංගම් මහතාගේ සංවිධායකත්වයෙන් ජන සංහාර සැමරුම් සතිය නමින් සැමරුම් වැඩසටහනක් පසුගිය මැයි මස 12 වැනිදා සිට සතියක කාලයක් ක්‍රියාත්මක කර තිබුණා.

මුලතිව්, වෙල්ලමුල්ලිවයිකාල් ප්‍රදේශයේ පැවත් වූ එම සැමරුම් උත්සවයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්.