ස්වාධින රූපවාහිනියේ පුවත් හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානි ලෙස සුදර්මන් රදලියගොඩ ඊයේ වැඩ බාර ගත්තේය. පසුගිය මහින්ද රාජපක්ෂ ජනපති සමයේද මොහු මෙම ආයතනයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තනතුර දැරූ අතර කාගේත් කථාබහට ලක්වන ආකාරයේ කැපී පෙනෙන
සේවයක නිරතවිය.


ස්වාධින රූපවාහිනියේ නව සභාපති ලෙස ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ මහතාවද පත් කර තිබෙන අතර ඊයේ (27) පෙරවරුවේ ඔහු ස්වාධීන රූපවාහිනි පරිශ්‍රයේ දී සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය. නිදහස් කලා සන්ධානයේ ප්‍රධානියෙකු ලෙස රාජපක්ෂ රජය බිහි කිරීම වෙනුවෙන් ඔහු කැපවී ක්‍රියා කළේය