කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ නේවාසිකාගාර හා ඒ අවට ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ හැරිම සම්බන්ධයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන) අනුරාධ විදානගමආච්චි මහතාට එරෙහිව කොළඹ මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කොළඹ මාලිග කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

කොළඹ නගර සභාවේ
ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය රුවන් විජියමුණි මහතාගේ උපදෙස් මත මෙම නඩු පැවැරිම සිදු කෙරිණි.

සුගතදාස ක්‍රීඩාංගණයේ නේවාසිකාගාරය හා ඒ අවට ඩෙංගු මදුරුචන් බෝවන ස්ථාන කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට අවස්ථා කිහිපයකදීම් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ලෙස ඉකුත් ඔක්තෝබර් මස සිට එහි පාලන අධිකාරියට වාචිකව හා ලිඛිතව දැනුම් දුන් බවත් අවසන් වරට නොවැම්බර් මස 26 වැනිදා අවදානාත්මක
ලිපි නිකුත් කළ බවත් පැමිණිල්ලේ සඳහන් විය. සාග් ක්‍රීඩා උළෙළට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනෙන් පිටත්ව යාමට පෙර නොවැමබර් මස 28 වැනිදා එහි නේවාසිකාගාරයේ ලැගුම්ගෙන සිටි අතර  ඔවුගන් 13 දෙනකුට හෝටලයේදී ඩෙංගු වැළදී තිබිණි.

කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (පාලන) එරෙහිව පැවැරූ නඩුව 2020 ජනවාරි 17 වැනිදා කැඳවීමට නියමිතය.

ඉන්දිකා රාමනායක