ඉහළ පෙළෙ ව්‍යාපාරික හා කළමණාකරණ දැනුමැති අයෙකු ලෙස ප්‍රකට සුජීව රාජපක්ෂ මහතා මහජන බැංකුවේ නව සභාපති ලෙස පත් කර තිබේ.
ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී වරයෙකු වන සුජීව රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපතිවරයෙකු ද වේ.
ඔහු මීට පෙර ශ්‍රී ලංකා ගණකාධිකරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවේ සාමාජිකයෙකු ලෙසත්, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහ වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසත් සේවය කර ඇත.
සුජීව රාජපක්ෂ මහතා මෙරට ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම් 12 ක අධ්යක්ෂවරයෙකි.
ඔහු දැනට දරන තනතුරු ලැයිස්තුව පහතින්