පාසල් දරුවන්ට 2020 වසරේදී සුරක්ෂා රක්ෂණාවරණය ලබා දීම සඳහා රක්ෂණ සමාගම්වලින් ලංසු කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.

පසුගිය
රජය විසින් ආරම්භ කළ මෙම රක්ෂණාවරණ ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යන බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

මෙම රක්ෂණ ක්‍රමය තවත් වැඩිදියුණු කර පාසල් සිසුන්ට උපරිම ප්‍රතිලාභ ලබා දීමටද අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙයි.

ලංසු කැඳවීමෙන් පසු තෝරා ගන්නා රක්ෂණ සමාගමට රක්ෂණ ක්‍රමය පවත්වාගෙන යාමට අවසර ලබාදෙනු ඇති.