ශ‍්‍රී ලංකාවේ වේග පන්දු යවන කී‍්‍රඩක සුරංග ලක්මාල් පකිස්තානු ටෙස්ට් තරග සංචාරයෙන් ඉවත් වීමට සිදුව
ඇත.
ඔහු ඩෙංගු උණ රෝගය වැළඳීම හේතුවෙන් මෙලෙස සංචාරය අහිමිව ගොස් තිබේ.
ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට ඊයේ (09) ළගා වූ අතර
සුරංග ලක්මාල් වෙනුවට යොවුන් වේග පන්දු යවන  අසිත ප‍්‍රනාන්දු,  ටෙස්ට් සංචිතයට කැඳවා තිබුණි.
 තරග 02 කින් සමන්විත ශ‍්‍රී ලංකා - පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය රාවල්පින්ඩිහිදී හෙට (11) ආරම්භවීමට නියමිතයි.