ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මීරාසා පාතිමා මුසාදිනා සිසුවියයි. මුතුර්, සාපිනගර් පදිංචි මෙම සිසුවියට අයියලා දෙදෙනෙකු හා අක්ක කෙනෙකුගේ බාලයාවී උපදින විටත් පවුලේ අගහිඟකම් තිබුණි. තමන්ගේ වැඩිමහල් සහෝදර සහෝදරියන් විවාහවී ඇති බව කියන සිසුවිය මව පියා සමග නිවසේ ගත කරන බවත් තමන් මුතුර් සිට ත්‍රිකුණාමලයට යෑම දුරවැඩි නිසා නේවාසිකාගාරයක නැවැතී සිය අධ්‍යාපන කටයුතු සිදුකරගෙන ගිය බව කියයි.
අ.පො.ස (සා.පෙ) දක්වා මෙම සිසුවිය අධ්‍යපන කටයුතු කරගෙන ගියේ මුතූර් අල්මිනා මහ විද්‍යාලයේය.
මගේ තාත්තා ගඩොල් කපලා කුලීවැඩ කරලායි. මට ඉගැන්නුවේ. ටියුෂන් පන්ති යන තාත්තා
සල්ලි දුන්නා. අපේ නැති බැරිකම් දුෂ්කරතාවයට මම බොහෝ මුහුණ දුන්නා. ඉගෙන ගන්න සල්ලි ඕන තමයි. නමුත් විභාගය පාස් කරන්න දුප්පත් කම් මම බාධාවක් කරගත්තේ නැහැ. මොන ක්‍රමයෙන් හරි තාත්තා මට සල්ලි සොයලා දුන්නා හැම දේකටම. මම අනාගතයේ විශේෂඥ වෛද්‍යවරියක් (නාරී හා ප්‍රසව) වීමටයි මගේ අනාගත බලාපොරොත්තුව. දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වීමට මුසාදිනා සිසුවිය විෂයයන් දෙකකට ඒ සාමාර්ථත් අනෙක් විෂයට බී සාමාර්ථයක් ලබාගෙන තිබුණි.
දුප්පත්කම ඉගෙනීමට බාධා නොවේ යැයි අන් අයට ආදර්ශයක් දුන් මුසාදිනාගේ ඉදිරි අනාගතය
වෙනුවෙන් ඇගේ පියා වන මීරාසා මහතා වයස අවුරුදු 75 ක් ගතවූද ඉදිරියටත් කටයුතු කිරීමට සැදී පැහැදී සිටී. ගඩොල් කපා හෝ කුලී වැඩ කර ජීවන අරගලයට උරදී සිටින මෙම මුසාදිනාගේ පවුල මුළු මහත් විද්‍යාලයටම ආඩම්බරයක් බව ත්‍රිකුණාමල සහිරා විද්‍යාලයේ ගුරුවරු පවසති. අවසානයේ ගඩොල් කපා තම අධ්‍යාපනයට මුදල් දුන් පියා මව, තමන්ට ඉගැන් වූ ගුරුවරු අමතක නොකරන බව මුසාදිනා පැවැසීය.
-අමරදෝරු අමරජීව-