ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරෙහිව එරට කොංග්රස් මාණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් වූ දෝශාභියෝගය වැඩි චන්ද ඡන්දයෙන් පරාජයට පත්වීමට ට්‍රම්ප්ට පසුගියදා
සිදු විය. ඒ අනුව එරට දේශපාලන ඉතිහාසය තුළ නියෝජ්‍ය මන්ත්‍රී මංඩලය තුළදී දෝශාභියෝගයට ලක් වූ තෙවැනි ජනාධිපතිවරයා බවට ට්‍රම්ප් පත්ව තිබේ. හිටපු ජනපතිවරුන් වූ ඇන්ඩෘ ජොන්සන් සහ බිල් ක්ලින්ටන් මීට පෙර මෙවැනි පරාජයන් ලබා ඇත.
ජනපතී ට්‍රම්ප් පසුගිය ජූලි මාසයේදී දුරකථනය හරහා යුක්රේන ජනාපතිවරයා අමතමින් සිය 2020 ජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු වන ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස කළ ඉල්ලීම මෙලෙස ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් එල්ලවීමට නිමිත්ත විය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වැඩි ආසන බලයක් හිමි ඩිමොක්රටික් පක්ෂයේ කථානායිකා නැන්සි පෙලොසි මෙම දෝෂාභියෝග චෝදනාව ජනපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළාය.
ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පවසන්නේ ආකාරයටමෙම දෝෂාභියෝග ඡන්ද විමසීමේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සියලුම ඩිමොක්‍රොටික් මන්ත්‍රිවරුන් එම යෝජනාවට පක්ෂවත් රිපබ්ලිකන් මන්ත්‍රීවරුන්ට විරුද්ධවත් ඡන්දය ලබා දී ඇත. මෙම දෝෂාභින්ගෙය මූලික කරගනිමින් ට්‍රම්ප් ජනපති ධුරයෙන් ඉවත් කිරීමට නම් එය ඉදිරියේදී සෙනෙට් මණ්ඩලයේද බහුතර කැමැත්ත මත ජයග්‍රගණය කළ යුතුව ඇත.
කෙසේ වෙතත් සෙනට් මණ්ඩලයේ බහුතර බලය ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුව පවතින නිසා එහිදී මෙම දෝෂාභියෝගය පරාජයට පත්වීමක් හෝ ඉවතට විසිවීමක් හෝ සිදුවනු ඇතැයි දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.
මෙම සෙනෙට් මණ්ඩල ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ ලබන වසරේදීය.
ලෙසට එහි කතානායිකා පෙලොසි සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දන්වා ඇත.
මේ අතර, ඩිමොක්රටික් පක්ෂය තමන්ට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය එම පක්ෂය දේශපාලනික වශයෙන් සියදිවිනසා ගැනීමක් දක්වා රැගෙන යන්නක් බවටද ට්රිම්ප් පසුගියදා ප්‍රකාශ කර තිබේ. විශේෂයෙන්ම මෙම
දෝෂාභියෝගයට නීතිමය පදනමක් නැති බවත්, සම්පුර්ණයෙන්ම පක්ෂග්රාහී වූවක් බවත් ඔහුගේ අදහස වී ඇත.