ප්‍රතීවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් එල්ල වන සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, දෝෂාභීයෝගයට තමන් බියක් නොදක්වන බවත් ඇමරිකන් ජනාධිපතී ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ 19 අවධාරණය කළේය.ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත
මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කෙරුණේ පෙරේදා (18) ය.  දෝෂාභියෝගය සම්මත වෙද්දී, වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් සිට සැතපුම් දහස් ගණනක් දුරින් මිචිගන් හි ජන රැළියක් අමතන්න විය.

ජනපති ට්‍රම්ප් ජන රැලියට එක්වූ සිසු පිරිස් අමතමින් වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේ දි දෝෂාභියෝගය පරාජය කිරීමට තමන්ට හැකි වනු ඇති බවය. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පැවැති ඡන්ද විමසුමෙන් පසු දෝෂාභියෝගය සම්මත වුවත්, එයින් ට්‍රම්ප්ට ජනපති ධුරය අහිමි නොවන බව දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කර ඡන්දය විමසීම දෝෂාභියෝග ක්‍රියාවලියේ පළමු පියවර වන අතර, දෝෂාභියෝග ක්‍රියාවලියේ මීළග පියවර ඇරැඹෙනු ඇත්තේ සෙනට් මණ්ඩලයෙනි.

ඉදිරි දින කිහිපයේ දී දෝෂාභියෝ සෙනට් මණ්ඩලයට යොමු කරනු ඇත. ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ලෙස කොටස් දෙකකි. දෝෂාභියෝගය සම්බන්ධයෙන් සෙනෙට් මණ්ඩලයේ නඩු විභාගයක් සහ ඉන්පසු ඡන්ද විමසුමක් පැවැන්වෙනු ඇත.නඩු විභාගය පැවැත්වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණුයේ, අඟ විනිසුරුවරයාගේ අධීක්ෂණය යටතේය. එම ඡන්ද විමසුමෙන්, ට්‍රම්ප් පරාජය වුවහොත්, ඔහුට ජනපති ධුරය අහිමි වනු ඇත.

කෙසේ නමුත් සෙනෙට් මණ්ඩලයේ බහුතර බලයට රිපබලිකන්වරුන් සතු පවතින බැවින්, ට්‍රම්ප්ට එරෙහි  දෝෂාභියෝගය සම්මත නොවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති. මිට පෙර දෝෂාභියෝගයකට මුහුණ දීමට සිදුවී ඇත්තේ, ඇමෙරිකන් ජනාධිපතිවරුන් දෙදෙනකු පමණි. ඇඩෘෘ ජොන්සන් සහ බිල් ක්ලින් ඔවුන් දෙදෙනාය. කෙසේ නමුත් දෝෂාභියෝගය හමුවේ මොවුන් වරදකරුවන් වී ඇත. මීට අමතරව, 1974 වසරේ දි රජයේ විමර්ශන කටයුතුවලට  බලපෑම් කළේ යැයි ජනාධිපති රිචඩ් නික්සන් ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය උත්සාහ කළේ යැයි පැවැසෙයි.  එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පෙර නික්සන් ජනාපති ධුරයෙන් ඉවත් විය.