https://www.gossiplankanews.com/2019/12/tv-news-wimal-complain.html#more
කෙසෙල් තන්තු උපයෝගි කරගනිමින් නිෂ්පාදනය කරන ලද ඇඳුම් එළිදැක්වීමක් විෂයභාර අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(27) සිදු කෙරුණා.
ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදීයි.
කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශ යටතේ
ඇති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය මගින් මොරටුව විශ්වවිද්‍යාලයේ පරියේෂණ අංශය සමග එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.


එහිදී අදහස් දැක්වු විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ, මාධ්‍ය මඟින් මෙවන් පුවත් සඳහා ප්‍රවෘත්ති විකාශය වෙන් කරන ඉඩ කඩ සීමිත වී ඇති බවයි.

එසේම තමන් මාධ්‍යකරණයේ නියැළී සිටියා නම් මෙවන් පුවත් සඳහා ප්‍රධාන ඉඩක් වෙන් කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.