සිසුන් සඳහා සෑම මැතිවරණ කොට්ඨාසයකම විශ්වවිද්‍යාල විද්‍යා ආයතනයක් බැගින් ඇති කිරීමට ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සති අන්තයේ පැවැති සාකච්ඡාවකදී එම තීරණය ගනු ලැබූ බවත්
එම විශ්වවිද්‍යාල විද්‍යා ආයතන පිහිටුවන ස්ථාන, ඒ සඳහා බඳවා ගනු ලබන කථිකාචාර්යවරුන් ඇතුළු
අනෙකුත් පහසුකම් හා සේවාවන් ඇතුළත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් පිළියෙල කිරීම සඳහා
මහාචාර්යවරුන් දස දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කළ බවත් උසස් අධ්‍යාපන ඇමැති ආචාර්ය බන්දුල
ගුණවර්ධන පැවැසීය.
පැය හතරක පමණ කාලයක් තුළ පැවැති මෙම සාකච්ඡාවේදී ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ප්‍රකාශ
කිරීම පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත්, පවතින අධ්‍යාපන ක්රමයේ සිදුකළ යුතු විවිධ
වෙනස්කම්
බන්දුල ගුණවර්ධන පැවැසීය.
දැනට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් සපුරන සිසුන් අතුරින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට
වරම් ලැබෙන්නේ සිසුන් තිස්දහසක පමණ පිරිසකට බැවින් පසුගිය ජනාධිපතිවරණය සමයේ ගෝඨාභය රාජපක්ෂ
මහතා ලබාදුන් මැතිවරණ පොරොන්දුවකට අනුව විශ්වවිද්‍යාල විද්‍යා ආයතන පිහිටුවීම සිදු කෙරෙන බව
සඳහන් කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන, ඉන්ජිනේරුවරුන්, මහ පරිමාණ ඉන්ජිනේරුවරුන්, තාක්ෂණික ශිල්පීන්
සඳහා විශ්වවිද්‍යාල විද්‍යා ආයතන පිහිටුවන අතර සෞන්දර්ය, ඉන්ජිනේරු හා තාක්ෂණ විශ්වවිද්‍යාල
විද්‍යා ආයතන මැතිවරණ කොට්ඨාසයකට අවම වශයෙන් එකක් හෝ පිහිටුවීමට අපේක්ෂා කරන බවද සඳහන්
කළේය.
ජේ.ටී. ද සිල්වා