එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩුව පවතින එම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූරය සඳහා දැනට එක්සත් ජාතික පක්ෂය සමග
එක්ව කටයුතු කරන වරුණ ලියනගේ

මහතා පත් කිරීමට මැතිවරණ කොමිසම විසින් තීරණය කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2015 මහ මැතිවරණයෙන් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයා වන්නේ වරුණ ලියනගේ මහතා නිසා මෙම තීන්දුව ගෙන ඇත.

වරුණ ලියනගේ මහතා එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමෙන් පසු මේ වනවිට එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ලෙසද කටයුතු කරමින් සිටී.

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා පත් කර තිබීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තුන් දෙනා විසින් අත්සන් තබා ඊයේ නිකුත් කර තිබෙයි.