රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, කුරුවිට, මිල්ලවිටිය ප්‍රදේශයේ පෙරේදේ (28දා) පැවැති 'ජනතාවාදී පොදුජන පිබිදීම" යන මැයෙන් පැවැත්වෙන රැස්වීම් මාලාවේ ආරම්භක රැස්වීම අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා,
"අපට ඕන මහජනයාගේ කැමැත්තෙන් පවස්වාගෙන යන පාලනයක්. පොදු ජනයාගේ නිදහස් ඡන්ද බලයන් පත්කර ගන්නා වූ ජනතාව උදෙසා පවත්වාගෙන යන ඔවුන් උදෙසා අයිතිය ඇති පාලනයක්, දේශපාලන විශේඥයන් පෙන්නලා තිබෙනවා හැම ගමකම හැම ගෙදරකම නියෝජිතයෙකු පැමිණෙන සභාවක් හැදෙන්න ඕනේ.
මේ විදිහට ගමක පැවැත්ම අපි සංවිධානය කර ගන්නතාක්කල්, එතැන තමයි තිබින්නේ සැබෑ මහන්න ප්රජාතන්ත්රවාදය. මම ඔබේ මන්ත්‍රීවරයා. පාර්ලිමේන්තුවේ මටත් ලොකු වගකීමක් තිබෙනවා. ඔබට කියන්න මෙන්න මම කරපු
අපට පරණ ඡන්ද ක්‍රමය ඕනේ, ඇහැලියගොඩ කොට්ඨාස කිව්වම අපි විතරයි. අපේ මන්ත්‍රීවරයා එයා විතරයි. මන්ත්‍රීවරු දෙන්නෙක් නෑ. එයා මේ දිස්ත්‍රික්කයේ වෙන දිස්ත්‍රික්කවලට අයිති නෑ, මේ ආසනය තුළ තියන ඡදන් වලින් තමයි එයා පත් වෙන්නේ. ඒකට කියනවා කොට්ඨාස ක්‍රමය කියලා. එහෙම තමයි තිබුණේ හරි ලස්සන ක්‍රමයක්. මන්ත්‍රීවරයා වගකියන්න බැඳිලා ඉන්නවා.
මම ඇවිල්ලා අවුරුදු 50ක් වෙනවා මේ ආසනයට. මෙතන ඉන්න සමහරු ඉපදිලත් නෑ. ඉතින් ඒ අය දැන් අපේ මිත්‍රයෝ, නෑදෑයෝ. ඇඳුනුම්කම් තියෙන අය. එතකොට ඔය විදියට කොට්ඨාසයක සීමාවක් තුළ මන්ත්‍රීවරයා පත් වෙන ක්‍රමයට අපි ආපහු යන්න ඕන. ඒකයි ව්‍යවස්ථාවේ ඇති කරන්න ඕන පළමුවැනි වෙනස.
එතකොට මොකක්ද මේ අනුපාත ක්‍රමය කියන්නේ. අනුපාතය කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඇහැලියගොඩින් ඡන්ද 51,000 ලැබුණු, සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද 21,000ක් ලැබුණා. පරාජය වූ පාර්ශවයටත් නියෝජනයක් ලැබෙන්න ඕන. ඒක තමයි ප්රජාතන්ත්රවාදී ඉහළම ලක්ෂණය. කොට්ඨාසයක් අයිති නෑ එයාලට. තියෙන්නේ පැරදිච්චි ඡන්දය උඩ ගොඩනැගුණු නියෝජනයක්, ඔන්න ඔය ක්‍රමයට අපි මේ ඡන්ද ක්‍රමය හදලා ගත්තොත් අපට ඉතා වටිනා සංවර්ධනයක් සහ මහජනයාට හා නියෝජිත අතර අපූරු සම්බන්ධයක් ඇති වෙනවා යනුවෙන් පැවසීය.
- නවෝද්‍යා පවනි