https://www.gossiplankanews.com/2019/12/white-van-driver-arrested.html#more
සුගිය ජනාධිපතිවරණ සමයේ දී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්, සුදුවැන් වලින් සිදුකළ පැහැරගැනීමක් හා රත්‍රන් ටොන් 7,000ක් ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ පුද්ගලයින් දෙදෙනා ඊයේ (13) රාත්‍රියේදී
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

මගින් අත්අඩංගුවට ගෙන තිබෙයි.

කඩවත මහර පිහිටි ශ්‍රී නමැති අවන්හලක සිටියදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.

රාජිත සේනාරත්න සමඟ පැවති මාධ්‍ය හමුවේදී අදාල රියදුරා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේදී සුදු වෑන් වලින් ජනතාව පැහැරගෙන ගොස් මරා දමා කිඹුලන්ට කන්න දැමූ බවත් තමන් එම සුදුවෑන් රථයක රියැදුරු බවත්ය.
මාධ්‍ය හමුවට සහභාගී වූ අනෙක් පුද්ගලයා කියා සිටියේ ප්‍රභාකරන් ගේ රත්තරන් ටොන් 7,000 ප්‍රමාණයක් තමන් කොළඹට ප්‍රවාහනය කළේ ගෝඨාභය රාජපක්ෂට ලබා දීම වෙනුවෙන් බවකි.
ඔවුන් සිදු කළ ප්‍රකාශයන් බරපතල ඒවා වීම හේතු කොට ඔවුන්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.