https://www.gossiplankanews.com/2019/12/white-van-press-reveal.html#more
"සුදු වෑන් සිද්ධිය ගැන අනෙක් පැත්තට ගිහින් නිවැරදි කරන්න හැදුවොත් ඇත්තටම ඔයගොල්ලන්ට සුදුවෑන් එකේ යන්න වෙනවා." යැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තමන්ට පැවසු බව මේ සිද්ධියේ සැකකරුවන් ප්‍රකාශ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
ප්‍රභාකරන්ගේ රත්රන් සහ විදෙස් මුදල් සාරංගා ජුවලරිස් වෙත ලබාදී එවා මුදල්කර එම ස්වර්ණාභරණ ආයතනය හරහා ගෝඨාභය මහතාට
යන බව මාධ්‍ය හමුවේදී පැවසුවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මතයැයිද එම සැකකරුන් වැඩිදුරටත් පැවසුවේ  යැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිය බි වාර්තාව මඟින් අධිකරණයට දැනුම් දී තිබේ.මේ සිද්ධියේ සැකකරුවන් වන සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර සහ වටරැක ගමගේ අතුල සංජීව මදනායක නොහොත් "උණ්ඩියල් අතුල" යන දෙදෙනා සිය ප්‍රකාශ ලබා දෙමින් එසේ සඳහන් කළ බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන්වන අන්දමට මෙම සිද්ධියේ පළමුවැනි සැකකරු වන සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර නමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සිය ප්‍රකාශය ලබා දෙමින් මෙම සඳහන් කර ඇත. මම රැකියාව වශයෙන් රියැදුරෙකු ලෙස සේවය කරනවා.

ඉකුත් ඔක්තෝම්බර් 22 හෝ ඊට අසන්න දිනයකදී මාගේ සහෝදරයා වන උපුල් තුෂාර සහ අසංක නැමැති අයකුගේ නිවසේදී මත්පැන් පානය කළා. එහිදි එම අවස්ථාවට අතුල සංජිව මදනායක යන අය පැමිණ සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. ඉන් දින තුනකට පමණ පපසු මගේ සහෝදරයා වන උපුල් කුමාර මට දුරකතනයෙන් කතාකොට දැනුම් දුන්නා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල සභාපතිතුමා සමග සාකච්ඡා කළ බව.

ඒ සම්බන්ධයෙන් රාජීත ඇමැතිතුමා හමුවි කතා කිරිම සඳහා දිනයක් දා ගන්නදැයි ඔහු ඇසුවා. රාජිත ඇමැතිතුමා හමුවන්නේ ඇයිදැයි මම ඔහුගෙන් ඇසුවා. එහිදී ඔහු සඳහන් කළේ සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අවැශ්‍ය බවයි. මේ මාධ්‍ය සාකච්ඡාවට තමන්ට ගෙවිමක් සිදුකරන බව සහෝදරයා පැවසුවා. ඒ නිසා මා ඒ අදහසට කැමැත්ත පළ කළා.ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 25 හෝ 30ට ආසන්න දිනයකදී රාජිත ඇමැතිතුමා හමුවීම සඳහා කඩවතට පැමිණි කාර් රථයකට ගොඩවි බෞද්ධාලෝක මාවතේ පිහිටි එතුමාගේ නිවසට ආවා. එතකොට වෙලාව රාත්‍රී 10.30ට පමණ ඇති. පසුව රාජිත ඇමැතිතුමා අපේ කතාව අහලා, "ඕකේ උඩ කොටස මා ළඟ තියෙනවා. යට මකොටස තමයි මට ඕනෑ. සුදුවෑන් කෙස් එකේ ඉන්නවා කැප්ටන් කෙනෙක්. එයා සේරම විස්තර කිව්වා. ඒ නිසා අතුලගේ සිද්ධියයි කැළුවගේ සිද්ධියයි දෙකම කියලා මාධ්‍යහමුවක් තියමු කියලා කිව්වා.

එසේ පවසා අවශ්‍ය ඩොකිමන්ට් සහ අවශ්‍ය විස්තර සේරම අපි දන්නවා. ඕක කරන්න පුලුවන්ද?" කියා විමසුවා. මේකට කොහොමද ඔයගොල්ලන්ගේ ගණන කියලා ඇමැතිතුමා අසල සිටි මුස්ලිම් අයකුගෙන් විසුවා. ඔහු ඇමැතිතුමාගේ ලේකම් රූමි කියලා අපි දැනගත්තා. අපි කිව්වා අපට රුපියල් ලක්ෂ 30ක් ඕනෑ කියලා. අඩු කරන්න බැරිද කියලා රූමි අපෙන් ඇහුවා. ඊට පස්සේ රාජිත ඇමැතිතුමා කිව්වා "මේක මෙතැනින් ඉවර වෙන්නේ නැහැ අපි ඔයගොල්ලන්ට උදව් කරනවා. ඉන්න ගෙවල් දෙකක් දෙනවා. ඇමරිකාවේ තානාපති කාර්යාලයේ කම්කරු හෝ රැකියා දෙකක් ලබා දෙනවා. පවුල් පිටින්ම එහේ යවනවා" කියලා කිව්වා. ඊට පස්සේ අපි අපේ ගණන ලක්ෂ 20ක් දක්වා අඩුකළා.

මේ කතාව කියන්න කැමැති වුණාට පස්සේ කොළයක මුද්‍රණය කළ ලිස්ට් එකක් දුන්නා. එය කටපාඩම් කර ගන්න කියලා කිව්වා. ඒ වගේ කොළයක් අතට දුන් නැහැ. එම කොළේ තිබුණු දේවල් කටපාඩක කළා.පසුව රූමි මහත්තයා මට නොවැම්බර් 09 වැනිදා කතා කරලා කිව්වා පාන්දර 5ට වාහනයක් එවන්නම් ඒ අය අවශ්‍ය තැනට ගෙනයයි කියලා කිව්වා. අපි කිව්වා සැබෑ මුහුණෙන් අපට ඒවා කියන්න බැහැ මුහුණ වෙනස් කර ගන්න එපා කියලා. පසුව ඉකුත් නොවැම්බර් මස 10 වැනිදා අපිට වාහනයක් එව්වා. අපි අයි.ඩි.එච් ප්‍රදේශයේ පාලු නිවසට ගිහින් අපේ මුහුණු වෙනස් කරගෙන උඩු රැවුල් සහ යටි රැවුල් දැම්මා. කණ්ණඩි දැම්මා. පසුව උදේ 10.30 ට ප්‍රජාව කියන තැනට ගොස් මාධ්‍ය හමුවට සහභාගී වුණා. එතැනට යනකොට ඇමැතිතුමා කිව්වා බයවෙන්න එපා මේක මගේ තැනක් කියලා.


මධ්‍යහමුවේදී පැටලුනු තැනක් වුණොත් ඇමැතිතුමා බලන්නම් කියලා කිව්වා. පැය භාගයක් අපි එතැන හිටියා. අපිවෙ රුපියල් ලක්ෂ 20ක් ගෙනත් දුන්නා. මේ මාධ්‍ය සාකච්ඡාවට මං සහභාගි වුණේ රාජිත ඇමැතිතුමා ලබාදීපු උපදෙස් අනුවයි. විශේෂයෙන්ම මට මුදල් ලැබෙන නිසා මේක කළා. රාජිත ඇමැතිතුමගේ නිවෙසේදී කළ සාකච්ඡාවෙන් පසු මට ලබාදුන් කොළයේ තිබු කරුණ අසත්‍ය කරුණුයි. මම එහි තිබු කිසිදු දේකට සහභාගීවෙලා නැහැ. මිනිසුන් පැහැරගෙන යාම, වද හිසංසා පැමිණවිම ආදී කරුණු මම කිව්වේ මට ලියා දිපු කොළයේ තිබුණ නිසයි.

සාරංගා ජුවලරි අයිතිකරුගේ මර්ගයෙන් ගෝඨාභය මහත්තයාට සල්ලි යනවා කියලා මාධ්‍ය හමුවේදි කියන්න කියලා රංජිත සේනාරත්න මහත්තයා උපදෙස් ලබාදුන්නා. එසේ ප්‍රකාශ කළාට මුලින් රුපියල් ලක්ෂ 10ක් දුන්නා. පවුලේ අයවලුන් සමහ ඇමරිකාවේ මහ එංගලන්තයේ තානාපති කාර්යාලයේ රැකියාවක් කිරිමට අවස්ථාවක් ලබාදෙන බවත් පොරොන්දු වුණා.අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්වන  අන්දමට මේ සිද්ධියේ දෙවැනි සැකකරු වන වටරැක ගමගේ අතුල සංජීව මදනායක හෙවත් "උණ්ඩියල් අතුල” නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  සිය ප්‍රකාශය ලඛා දෙමින් මෙසේ සඳහන් කර ඇත.

මා ත්‍රිරෝද රථ රියැදුරෙක් ලෙස රැකියාව කරනවා. ඉකුත් 2013 වර්ෂයේ ඔක්තෝබර් මස 07 එන දින රාගම දුම්රියපොල අසලදී වී.අයි.ඩී එකේ පොලිස් පරීක්ෂක සමන් මහතා සහ දාස් මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මා අත්අඩංගුවට ගත්තා. යාපනයේ සිට කොළඹට ගෙන ආ රත්‍රන් සහ යුරෝ කොල්ලකෑමේ සිද්ධියටයි මාව එලෙස අත්අඩංගුවට ගත්තේ. 2013 වර්ෂයේ නොවැම්බර් මස 01 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයට මාව භාරදුන්නා. පසුව රැඳවුම් නියෝග මත එම කොට්ඨාසයේ රඳවා  තබාගෙන ප්‍රශ්න කළා. මගෙන් හෙළිවූ කරුණු අනුව බුලුගහහන්දියේ රුවන්, අංගොඩ ශිරන්න, පෑලියගොඩ සුසිල් යන අය සී.සී.ඩීයට බාරවුණා. මෙම අපරාධය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අක 3 හි නඩුවක් පවතිනවා. එසේම, කඳාන ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 10ක මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතිනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනයකට අනුව ඉකුත් 2014 ජනවාරි මස 30 වන දින මා රිමාන්ඩ් කළා. මේ නඩුව සදහා මට අධිකරණයෙන් ඇප දුන්නේ 2017 වර්ෂයේදියි. ඇප නියම කළත් ඇප කොන්දේසි සපුරා ගන්න බැරිව ඉඳලා ඉකුත් මර්තු මස 27 වැනිදා ශරිර ඇපයක් මත මුදා හැරුණා. මගේ හොඳම මිතුරා සරත් කුමාර කියන අය ගම්පහදී හම්බ වුණා. සරත්ට රස්සාවක් නැති නිසා පොලිස් වසම් දැක්වෙන ස්ටිකර් අලවමින් හිටියේ. සරත් මට කිව්වා ඕකට උදව් කරන්න කියක් හරි දෙන්නම් කියලා. මම එළියට ඇවිල්ලා ඉන්නවා කියලා සරත් එයාගේ යාලුවෙකු වන උපුල්ට කියලා. ඒ යාලුවා දැරණියගල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී පොල්ගම්පල මහත්තයාට දැනුම් දීලා පසුව තමයි නොවැම්බර් මස 4 හෝ 5 වැනිදා රාත්‍රී 9.00ට පමණ මේ ගැන කතා කරන්න රාජීත අමාත්‍යවරයාගේ ගෙදරට ගියේ. ඇමැතිතුමා මට කිව්වා යාපනයේ සිට රැගෙන ආ රත්රන්වල සහ  යුරෝවල අයිතිකරු ප්‍රභාකරන් බව පවසා ඒවා සාරංගා ජුවලරි එකට විකුණා ඒ මුදල් සාරංගා එක හරහා ගෝඨාභයට යනවා කියලා කියන්න කියලා. මාධ්‍ය සාකච්ඡාවට කලින් මට රුපියල් ලක්ෂ 10ක් දුන්නා. ඉතිරිය පස්සේ දෙන්නම් කිව්වා.

මාධ්‍ය සාකච්ඡාවට කලින් අයි.ඩී.එච් ප්‍රදේශයේ  පාලු නිවසකට ගිහින් මේකප් එක දැම්මා. මාධ්‍ය හමුවේදී රාජිත ඇමැති මාගේ වම් පැත්තෙන් වාඩි වුණා. එහිදී සරත්ව සුදු වෑන් එකේ අයිතිකරු හා රියැදුරු ලෙස කටයුතු කළේ ඇන්ටනී ඩග්ලස් ප්‍රනාන්දු ලෙස හඳුන්වා දුන්නා. මං මගේ නියම නමින් හදුන්වා දුන්නා. යාපනයේ තිබු රත්රන් සහ විදේශ මුදල්වලට මොකද වුණේ කියලා තමාව හඳුන්වා දුන්නා. රාජිත ඇමැතිතුමාගේ කතාවට අනුව ඩගලස් ලෙසින් පෙනී සිටි සරත් මාධ්‍යකරුවන්ට ෆොටෝ පෙන්නුවා. ඒ ෆොටෝ දුන්නේ ඇමැතිතුමා. හිටපු අමාත්‍ය රාජිත සෙනාරත්න මහතා සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණයක් කළැයි කියන මේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කළේ පසුගිය 16 වැනිදායි.