කොරෝනා වෛරසය පැතිරිම පිළිබඳ ආපදා තත්ත්වයක් පැමිණියහොත් කිසිදු පැකිලීමකින් තොරව පැය විසිහතරම සේවා සැපයීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සුදානම් යැයි රඡයේ හද නිලධාරින්ගේ
සංගමයේ සහාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

ඒ සඳහා විශේෂ ගෙවීම් හෝ දීමනා ඉල්ලීමේ බලාපොරාතුවක් හෙද හෙදියන් තුළ නැතැයි ද ජනතා බදු මුදලින් වැටුප් ගන්නා කාර්යමණ්ඩලය තම යුතුකම් ඉටු කරන්නට සුදානම් යැයි ද ඔහු කීය.

හදිසි අවස්ථාවන් සඳහා රෝහල් 12ක් සුදානම් කර ඇතැයි රජය ප්‍රකාශ කරන නමුත් එකී රෝහල් එකකවත් අවශ්‍ය අවම පහසුකමක් නැතැයි කී රත්නප්‍රිය මහතා අවශ්‍ය පහසුකම සුදානම් කිරිමට රජය වහා කටයුතු කළ යුතු යැයි ද පැවැසීය.

මුඛ ආවරණ, මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඟලුම් ඇතුළු උපාංග
හිඟය දරුණු බවත් මේ වනවිට කුරුණෑගල රෝහලේ කාර්ය මණ්ඩල කටයුතු කරන්නේ ප්ලාස්ටික් කැබලි කපා මුහුණු ආවරණය කරගෙන සේවා සැපයීමෙන් බවත් ඔහු කීය.

එමෙන්ම ආරක්ෂිත ඇඳුම් භාවිත කළ හැක්කේ එක් වතාවක් බවත් වරක් භාවිත කළ ඇගලුම් ඉවත් කළ යුතු බවත් පෙත්වා, දුන් රත්නප්‍රිය මහතා ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයෙන් රෝහල් තුළ තිබිය යුතු බවක් පෙන්වා දුන්නේය.

කොරොනා වෛරසය පිළිබඳ පරික්ෂාවක් සඳහා විශේෂිත රසායනාගාර (BIO SAFTY LEVEL 4) තීබිය යුතු යැයි ද එම මට්ටමේ රසායනාගාර ශ්‍රී ලංකාවේ නැතැයි ද කී සභාපතිවරයා විශේශයෙන් එම රසායනාගාර තුළ මෙම පරික්ෂාවන් වෙනුවෙන් සැකසු කුටි තිබිය යුතු අතර සුදානම් යැයි කී රෝහල් සියල්ලටම එම රසායනාගාර  පහසුකම් ලබා දිය යුතු යැයි ද පැවැසීය.

කොරෝනා පැතිර යාම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජාතික කමිටුවේ සාමාජිකයන් 15 දෙනාගෙන් 11 දෙනකු වෛද්‍යවරුන් බවත් එවැනි තත්වයක සිට මෙම රෝගය පාලනය කළ හැකි යැයි සිතන්නේ නම් එය විශෘල වරදක් බවත් පෙවා දුන් ඔහු මේ පිළිබඳ තීන්දු නීරණ ගතහැකි වෛද්‍ය නොව විශේෂඥවරුන්ගෙන්ද මෙම කමිටුව සමන්විත විය යුතු යැයි
සඳහන් කළේය.

එමෙන්ම ගුවන්තොටුපළේ දී හදුනාගත් සැකකටයුතු අයෙකු වෙත්නම් ඔවුන් උණ රෝහලට හෝ එතැනින් දියතලාවට ගෙන යාම නොව ගුවන් තොටුපළ ආසන්නයේ ඒ වෙනුවෙන්ම සැකසුණ රෝහලකට ඇතුළත් කිරීමට සැලසුම් කළ යුතු යැයි ද ඉදිරියේ ඇති වන තත්ත්වයන්ට මුහුණදීමට නම් එවැනි රෝහලක් ගුවන්තොටුපළ ආසන්නයේ ජනාකිර්ණ නොවන ස්ථානයක ඉදිවිය යුතු යැයි ද හෙතෙම යෝජනා කළේය.

මෙවැනි අවස්ථාවක රටට නිවැරැදි පණිවුඩ දෙන පිරිසක් රාජ්‍ය යාන්ත්‍රණයේ සිටිය යුතු බව පෙන්වා දුන් රත්නප්‍රිය මහතා සමාජයේ සියලු දෙනා මුඛ ආවරණ පැළැඳ සිටිය යුතු නැති වුවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොළඹට පැමිණෙන සියලු දෙනා මුඛ ආවරණ පැළඳිය යුතු බව පවසා ඇතැයි සඳහන් කළේය.

රුපියල් 9.50 ක් මිලැති මුඛ ආවරණයකට රුපියල් 15 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ ද රුපියල් 95 ක් වටිනා එන් 95 වර්ගයේ නැවත නැවත භාවිත කළහැකි මුඛ ආවරණයකට රුපියල් 150 ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත්තේ ද කවර හේතුවක් නිසා දැයි විමසිය යුතු බව සභාපතිවරයා පැවසිය.

විනීතා එම් ගමගේ