වර්තමානයේදී 2.7%ක් පමණ වන මෙරට ආර්ථික වර්ධන වේගය ලබන වසරේදී 4%ත් 4.5ත් අතර අගයක් ගනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැකුවේ නව අධිපති මහාචාර්ය ඩබිලිව් ඩී. ලක්ෂ්මන් මහතා පවසයි. පසුගිය
දෙසැම්බර් 27දා පැවැති මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණයෙන් පසුව මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

විශේෂයෙන්ම මෙවැනි අඩු ආර්ථික වර්ධනයක් ලැබීම සඳහා ගෙවුණු වසර තුළදී රට තුළ ඇති වූ කාරණා කිහිපයක්ම බලපෑ බවට මහ බැංකු දත්ත තුළ සඳහන් වන්නේ
යැයිද හෙතෙම පවසා සිටියේය. ශ්‍රී ලංකා මහ බැංකුවට තේරී පත්වුණු 15 වැනි අධීපතිවරයා වන්නේ මහාචාර්ය. ඩග්ලිව්.ඩී. ලක්ෂ්ම මහතායෙ.

"ගෙවුණු වසර කිහිපයේදීම රට 5%ක ආර්ථික වර්ධන වේගයක් ළඟාකර ගැනීමේ ගැටලුවෙන් පෙළුන්දා. දැන් එය 3%කටත් වඩා අඩු මට්ටමකට ඇවිත්. ඒ කොහොම වුත් උද්ධමනය ඉතා හොඳ මටිටමක පවතිනවා. කාලගුණය හා සම්බන්ධ වුණු ආහාර මිලෙහි වෙනස්වීම සහ අපනයන - භාණ්ඩවල මිල අද වනවිට ජීවන වියදම ඉහළ දැමීමට හේතුවක් වෙලා." නච අධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර, දැනට රට තුළ පවතින විරැකියාව පිළිබඳ දත්ත පිළිගත හැකි වුවත්, ඌන සේවා නියුක්තිය වැනි සැඟවුණු කාරණා පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇති බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය. විශේෂයෙන්ම අඩු ශ්‍රම බලකාය සහ උගත් තරුණ ප්‍රජාව අතර පවතින ඉහළ විරැකියාව, වයස්ගත ශ්‍රම බලකාය මෙන්ම අඩු ඵලදායිතාව යනාදී කරුණුද වැදගත් බව අධිපතිවරයා පවසා සිටියේය.

"ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් තුළ අතිශය වැදගත් වෙනස්කම් සිදු කිරීම සඳහා මෙය සුදුසුම  කාලයක්. එතැනදී රටෙහි ආර්ථික ඉලක්ක සියල්ල ඇතුළත්, තිරසර සහ සැමටම බෙදීගිය සංවර්ධනයක් සාක්ෂාත් කරගැනීම සඳහා ඇමෙරිකා ඒක්සත් ජනපදයේ ප්‍රතිපත්ති වෙත යනවාද, එසේ නැත්නම් නව ලිබරල්වාදී ප්‍රතිපත්ති වෙත යොමු වෙනවාද යන්න සම්බන්ධයෙන් මේ වනවිට අවධානයක් යොමුව තිබෙනවා." යැයි නව අධිපතිවරයා සඳහන් කළේය.

තමන් මහ බැංකු අධිපති ධුරය සඳහා තෝරාපත් කරගැනීම සදහා ජනපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන්
ස්තුතිවන්ත වන බව පැවසූ මහාචාර්ය ඩබිලිවි.ඩී. ලක්ෂ්මන් මහතා, තමාට පෙර මහබැංකු අධිපති ධුරය දැරූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැකුවේ ගරුත්වය නැවත පිහිටුවීම සදහා සහ රට තුළ සමාජ ආර්ථික පද්ධතියක් පිහිටුවීම සඳහා ගත් මෙහෙය සම්බන්ධයෙන් සිය ස්තූතිය පුදකරන බවද පවසා සිටියේය.

 භානුක  අමරසිංහ